ලිංගික අතවර කර 7 හැවිරිදි දරුවෙක්ව ඝාතනය කර ඇතැයි ඇතැයි 'අද දෙරණ' වාර්තා කරයි. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''මව් සෙනෙහස අහිමි සනුජ සත් හැවිරිදි වියේ පසුවූ සෙල්ලක්කාර දරුවෙක් විය. ඔහු ජීවත්වුයේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඥාති නිවසකය.  

ඔහු එම නිවස ආසන්නයේ පිහිටි ඇළක් අසළ සිටිනු නිවැසියන් ඊයේ (31) දැක තිබේ. නමුත් ඉන්පසු ඔහු එහි දක්නට නොමැති බැවින් ඔවුන් ඒ බව පොලීසියට දන්වා ඇත.

පසුව ඒ අවට සොයාබලන විට දරුවාගේ සිරුර එම ඇළ අසළ තිබී හමුවී ඇත. පසුව එය ගලේවෙල රෝහලට ගෙන ගොස් තිබේ.

දරුවාගේ ගෙල ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට ඇති බවත් මුහුණේ වැලි තැවරී තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මිය ගිය දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට ඇළ මාර්ගය, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව ද වාර්තා වේ.

දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් භාවිත කළ බවට සැක කළ හැකි සුන්බුන් ද හමුවී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිතය.

මිය ගිය දරුවාට ලිංගික අතවරයක් සිදුකොට ඝාතනය කරන්නට ඇතැයි යන සැකය මත පරීක්ෂණ පවත්වන බව ද ගලේවෙල පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.''

(උපුටා ගැනීම අවසන්)
බාල ළමා අපයෝජන පැමිණිළි ලක්ෂ පහමාරක් !

මූහ ළමා අපයෝජන සම්බන්ධයෙන් සැක කෙරෙන එක් පිරිමියකු අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවාත් සමගම, අලුතින්ම අනාවරණය වී ඇති පරිදි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන  ඇමතුම් අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පිළිබඳ ලැබෙන  පැමිණිලි සංඛ්‍යාව 550,000 කි.

එමෙන්ම 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47,177 ක් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

මෙම කම්පා කරවන සුළු තොරතුරු ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ දරුවන් කිහිප දෙනකු අපයෝජනය කිරීමේ චෝදනාවට රුපවාහිනී නාලිකාවක එක් පසුතල නිර්මාණ ශිල්පියකු අත් අඩංගුවට ගැනීමත් සමගය.

සබැඳි පුවත් 

රත්නදීප ජන්මභූමියේ බාල ළමා අපයෝජන පැමිණිළි ලක්ෂ පහමාරක්
ළමා රියැලිටි වැඩසටහන්වලට ආ දරුවන් රැසක් අපයෝජනය කරලා!

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්