ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ භාවිතයෙන් ඉවත්කර යකඩ සඳහා විකිනීමට සූදානම් කර තිබූ වාහන 20 ක් යළි භාවිතයට ගත හැකි සේ අලුත්වැඩියා කර, රුපියල් කෝටි දහයක පමණ වටිනාකමින් යුත්
වාහන ලෙස ඒවා නගර සභාවට යලි හිමිකරදීම පසුගියදා සිදුවිය.
ට්‍රිපර් රථ, බවුසර්, දොඹකර, ගිනි නිවීමේ රථ හා කසල ප්‍රවාහනය සඳහා යොදා ගන්නා රථ ඇතුළු මෙම වාහන අබිලි යකඩ සඳහා විකුණුවේ නම් ඒ සියල්ල වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් හිමිවීමට තිබූ නමුත් නගර සභාවේ කාර්මික ශිල්පීන් යොදවමින් රුපියල් ලක්ෂ 200 ක පමණ මුදලක් වැය කර මෙම වාහන සියල්ල යථා තත්ත්වයට පත් කිරීම්ට හැකිව තිබේ.
නගර සභාවේ කාර්මික අංගනයට නව පණක් දෙමින් ඒ සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට ඉකුත් සමයේ කටයුතු කර තිබූ අතර මෙම වාහන මෙලෙස යථා තත්ත්වයට පත් කිරීම්ට හැකිව ඇත්තේ ප්‍රතිඵලයක් වශයෙනි.
මේ හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට රුපියල් ලක්ෂ 800ක පමණ ඉතිරියක් අත්කර ගැනීමට හැකිව තිබේ.