leader s

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේ දී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට

ලබාදීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොරොන්දු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (අගෝස්තු 11 ) පැවැති උත්සවයකදී නියෝජ්‍ය අගමැති ධුරය පිළිබඳවත් ඇමැති ධුර පිළිබඳවත් දෙදෙනා අතර එකඟතාවයක් ඇතිකර ගෙන ඇතැයි පැවසේ.

අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේනගේ නම ඇතුලත් නොවුයේ ඒ අනුව බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙවර මහ මැතිවරණයෙන් ලද ප්‍රතිපලයට අනුව ශ්‍රීලනිපයට මන්ත්‍රී ආසන 15 හිමිව තිබෙන අතර ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය තුනෙන් දෙකක් සඳහා එම මන්ත්‍රී කණ්ඩායමේ සහය අනිවාර්යයෙන් අවශ්‍යවනු ඇත.

 

එහාට මෙහාට පැනපු අයට 'ඇඩ්රස්' නැහැ !

මෙවර අමාත්‍යවරුන් පත් කිරීමේ දී යහපාලන ආණ්ඩුවට සහය දී යලි රාජපක්ෂ කඳවුර වෙත එක්වූ කිසිවකුට අමාත්‍ය ධුර ලබා නොදීමට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පියවර ගෙන තිබේ.

ඒ අනුව, හිටපු අමාත්‍යවරුන් වන 

1- සුසිල් ප්‍රේම්ජයන්ත,
2- විජේදාස රාජපක්ෂ,
3- එස්.බී. දිසානායක,
4- ජොන් සෙනවිරත්න,
5- චන්දිම වීරක්කොඩි,
6- ඩිලාන් පෙරේරා,
7- මහින්ද යාපා,
8- මහින්ද සමරසිංහ,
9- රන්ජිත් සියඹලාපිටිය  හා
10 අනුර යාපාට නව රජයේ කිසිදු ඇමති ධුරයක් හිමි නොවීම විශේෂ කාරණයකි.

Namal Sport ministerනාමල්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙමින් ..

තමන්ට අමාත්‍ය පදවියක් ලබා දීමට පෙර 2018 දී සිය පියාට උපකාර කළ පුද්ගලයින්ට අමාත්‍යාංශ ලබාදිය යුතුයැයි නාමල් රාජපක්ෂ ඊයේ  මාධ්‍ය හමුවේ පැවසීය.

මහින්ද රාජපක්ෂ 2015 පරාජයට පත්වීමෙන් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් පෙනී සිටීන බව ඔහු එහිදී සඳහන් කළේය.

තමා ඇමති තනතුරක් බාරගන්නේ අදාළ 53 දෙනා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමෙන් පසුව පමණක් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.  ඔහු විසින් සිදුකළ බලපෑම් හමුවේ එසේ සඳහන් කළ සියලු දෙනාටම පාහේ අද දිනයේ තනතුරු හිමිව තිබේ.

මීට අමතරව මෙවර මැතිවරණ ප්‍රතිපලවලට අනුව, අදාළ 53 දෙනා නියෝජනය කළ කදවුරේ සිටි පද්ම උදය ශාන්ත සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් පරාජයට පත්ව තිබීම නිසා ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමටද ඒ දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමටද නාමල් රාජපක්ෂ පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත් :

අලුත් ව්‍යවස්ථාවකට කලින් සංශෝධනයක් එයි - ජනපතිට ඇති බාධා ඉවතට!

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්