බැසිල් රාජපක්ෂගේ නිර්දේශය මත තමන්ට ලැබුණ ඇමැති තනතුරු සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරුන් රැසක් අසතුටට පත්ව සිටින බව රජයේ බුද්ධි අංශ හරහා වාර්තා වීමත් සමග, ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ පෞද්ගලිකවම එවැනි මැති ඇමතිවරුන්ට දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඔවුන්ව සැනසීමට බලවත් උත්සහ කර ඇතැයි වාර්තාවේ.

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කිහිපදෙනකුට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව ආණ්ඩුවට පක්ෂපාත Lanka Lead News වාර්තා කරයි.

විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

විදුර ඇමතිකම බාර ගන්නවද ? නැද්ද ? තීන්දුව හෙට ..

vidura wickramanayaka                       විදුර වික්‍රමනායක 

ජාතික උරුමයන් ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නවාද නැද්ද පිළිබඳව තීරණයක් ගැනීම සඳහා,  විදුර වික්‍රමනායක විසින් හොරණ මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු බල මණ්ඩලය හෙට (16) දිනයේ කැඳවා තිබේ.

එහිදී බල මණ්ඩල නියෝජිතයින් දෙන තීන්දුවට තමා හිස නමන බව ද වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා පවසයි.

තමාට ජන්දය දුන් ජනතාව පෙරලා ඔවුනට සේවය කිරීම සඳහා තමාට කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූරය ලබා දෙතැයි යන විශ්වාසයක් එම ජනතාව තුළ තිබු බවද වික්‍රමනායක වැඩිදුරටත් කියා සිටියි.

තමාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය පිළිබඳව නොසතුටින් සිටින විදුර වික්‍රමනායක, පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බවට පත් වුවද අගමැති මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ නිර්දේශය මත ප්‍රබල කැබිනට් අමාත්‍ය පදවියක් හිමි වුයේ එම දිස්ත්‍රීක්කයේ රෝහිත අබේගුණවර්ධන වෙතයි.


අමරවීරත් ප්‍රබල ඇමතිකම බලාපොරොත්තුව ඉඳලා !


''සදුන් ගසක් කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද විවිධ බාදා හමුවේ උවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව මහින්ද අමරවීර අවධාරණය කර සිටියි.''

පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ 14 (දින) බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිටි පරිසර අමාත්‍යංශයේදි වැඩ භාර වැඩ භාරගැනිමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ තමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරන ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් නිසාවෙන්ම ජනතාවට වැඩි සේවයක් කල හැකි ප්‍රබල අමාත්‍යංශයක් බලාපොරොත්තු වූ බවයි.

එහෙත් මෙවර ලැබුන අමාත්‍යංශයේන් උපරිම සේවයක් ඉටු කරමින් දකුනු අසියාවේ පිරිසිදුම හා අලංකාරවත්ම පරිසරය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ඔහු එහිදී අවධාරණය කළේය.

සදුන් ගසක් කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද විවිධ බාදා හමුවේ උවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්