ලෝක ගුවන් විදුලි දිනය අද (13)යි.
2011 වසරේ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ප්‍රකාශයට පත් කර 2012 එහි මහා සම්මේලනයේ අනුමැතිය පරිදි සෑම වසරකම පෙබරවාරි 13 දා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.
මෙවර එහි තේමාව කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ. අයි. තාක්ෂණයයි.
"අද කෘත්‍රිම බුද්ධිය නව පරිච්ඡේදයක් විවර කරනවා. ඒ නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග පාදමින්," යුනෙස්කෝ වෙබ් පිටුව එසේ සඳහන් කරයි.
වෘත්තීමය විනිශ්චය, නිර්මාණශීලිත්වය සහ මහජන සේවා හර පද්ධතීන්හි උන්නතිය උදෙසා සදාචාරාත්මකව හා වගකීමෙන් පරිහරණය කරන්නේ නම්, ශ්‍රාවක විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ පාර්ශව කරුවකු ලෙස කෘත්‍රිම බුද්ධිය සාර්ථකව යොදා ගත හැකි යැයි එහි වැඩි දුරටත් සඳහන් ය.
"හුදු තාක්ෂණය මත පමණක් ශ්‍රාවක විශ්වාසය නොපවතින්නේය. එහි වගකීම ගුවන් විදුලි සන්නිවේදකයින් සතුවේ."
(සටහන | The UNESCO Courier ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/13/2026
(
මුලාශ්‍රය :
World Radio Day 2026UNESCO







