වාහන මත පනවා ඇති තීරු බද්දට 50%ක බද්දක් පැනවීමට පෙර මෙරටට වාහන 4000ක් ආනයනය කරමින් ණයවර ලිපි නිකුත් කර ඇති බවත් එය බරපතල වංචාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය.
මේ සම්බන්ධයෙන් ඊයේ ස්වාධීන රූපවාහිනියේ ON AIR POLITICS වැඩසටහනට එක්වෙමින් කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුයේ එම කාරණය මුළුමනින්ම අසත්‍ය බවයි.
මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සැකෙවින් මෙසේය.
වාහන සංඛ්‍යාව:
15 වැනිදා වන විට මෙරටට ගෙන්වා තිබුණේ වාහන 1,782ක් පමණි. විපක්ෂය පවසන පරිදි වාහන 4000ක් ගෙන්වා නැත.
ණයවර ලිපි (LC):
නිකුත් කර ඇත්තේ ණයවර ලිපි 380ක් පමණි.
වැය වූ මුදල:
මේ සඳහා වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 23.71ක් පමණි.
වාහන ආනයනය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජය සූදානම් වන බවට පැතිර ගිය ව්‍යාජ කටකතා නිසා පසුගිය සතිවල වාහන ආනයනය තාවකාලිකව ඉහළ ගියද, ඉදිරියේදී එය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
අවසාන වශයෙන්, රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වාහන ආනයනය කිරීමේ කටයුතු මදක් ප්‍රමාද කරන ලෙස ද ඔහු ආනයනකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
සබැඳි පුවත්
බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කරලා !




