හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුව තමා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව, අල්ලස්
හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෝසමක් මගින් ඊයේ (26) සිය මූලික විරෝධතා ගොනු කළේ ය.
2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගීවීමට තමා එහි ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3කදී වැය කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් තමා දේශපාලනික පලිගැනීමකට ලක්වූ බව පවසමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොමිසමට පැමිණිලි කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ නියෝජිතයන් කළ දේශපාලන බලපෑම් මත සාවද්‍ය නඩුවක් පැවරූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමන්ට වූ අගතියට වගකිව යුතු බවට රෝහිත බෝගොල්ලාගම, දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබිණ.
''2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගීවීමට තමා එහි ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3කදී වැය කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් තමා දේශපාලනික පලිගැනීමකට ලක්වූ බව පවසමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොමිසමට පැමිණිලි කර තිබේ.''
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහවෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ , පැමිණිල්ලට අදාළව සිය සේවාදායිකාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීම මෙන්ම, පැමිණිල්ල කර ඇති රෝහිත බෝගොල්ලාගම ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයෙකු නොවන බැවින්, අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට නෛතික හැකියාවක් නොමැති බවයි.
පැමිණිල්ලේ සඳහන් කර ඇති සිදුවීම 2006 වසරේ දී සිදුවූවක් බැවින්, එය කොමිසම විභාග කරන පැමිණිලිවල කාලපරාසයට අයත් නොවන බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෝසම මගින් කොමිසමට දැනුම් දුන්නා ය.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, කොමිසමේ වලංගු පත්‍රයට අනුව රෝහිත බෝගොල්ලාගම ගේ පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට නෛතික හැකියාවක් කොමිසමට නොමැති බවයි .
ඕනෑම පුද්ගලයෙකුට කොමිසමට පැමිණිලි කළ හැකි බව කරුණු සලකා බලමින් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මෙහිදී සඳහන් කළේ ය.
සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වගඋත්තරකර පාර්ශවය ඉදිරිපත් කළ මෝසමට අනුව පැමිණිල්ලේ කාල පරාසය පිළිබඳ යළි සලකා බලන බවයි.
ඒ සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය ලබන 11 වන දා දැනුම්දෙන බව උපාලි අබේරත්න සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.
බෝගොල්ලාගම නඩුවෙන් නිදහස් වුන හැටි....
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් රෝහිත බෝගොල්ලාගමට එරෙහිව චෝදනා ගොනුකර තිබුනේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කල කාලයේ එම ධූරය අයුතු ලෙස භාවිත කරමින් 2006 වසරේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති වෙළඳ හා ආයෝජන සමුළුවකට සහභාගීවීමට ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3කදී වැය කිරීමේ සිද්ධියට අදාළවය.
කෙසේවුවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් රෝහිත බෝගොල්ලාගමට එරෙහිව පනවා තිබූ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න 2019 දෙසැම්බර් 13දා නියෝග කළේය.
එසේ, ඔහුව මෙම චෝදනාවලින් නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 78 -1 වගන්තිය යටතේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකර තිබීම හේතුවෙනි.







