'පාත්ෆයින්ඩර්' ආයතනයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම්කර ඇති අතර

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යවා තිබේ.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු 2018 වසරේ ඔක්තෝම්බර් සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරය හෙඹ වූ අතර හෙතෙම නැවත මෙරටට පැමිණීමත් සමග එම ධුරය මාස 7ක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් නිලූකා කදුරුගමුව එම කාලය තුල වැඩබලන මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.

 

කැබිනට් බලතල !!!!

ජනාධිපතිවරයා විසින් මෙසේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට නම්කර ඇති මිලින්ද මොරගොඩට කැබිනට් බලතල ද හිමි වන බවත් ඉන්දීය ලංකා ද්වීපාර්ශ්වික සබඳතා තවත් ගොඩනැඟීම ‍මෙහි අරමුණ බවත් ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මෙරට මහ කොමසාරිස් ධුරයක කටයුතු කරන්නෙකුට කැබිනට් බලතල හිමි වන්නේ ප්‍රථම වතාවට බවත්, පොදුජන පෙරමුණ 2/3 බලයක් ලබා ගෙන බෙදුම්වාදී පළාත් සභා අහෝසි කර නගර සභා ප්‍රාදේශීය සභා ව්‍යුහය ශක්තිමත් කර බලතල ලබා දිය යුතු බව පසුගිය සමයේ මිලින්ද මොරගොඩ දිගින් දිගටම සඳහන් කළ බවත් ආණ්ඩුවට පක්ෂපාති emanisalk වාර්තාකර ඇත.

කෙසේ වුවද උඩුවේ ධම්මාලෝක හිමි තමන්ට බාධාකාරී ලෙස සිය පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් අධිකරණයට යාම නිසා ඔහු බෞද්ධයන් අතර අප්‍රසාදයට ලක්ව සිටි අයකු බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මිලින්ද මොරගොඩ, අමාත්‍ය ධුර කීපයක් හෙබවූ අයෙකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද මිලින්ද මොරගොඩ කටයුතු කළේය.

 

ඉන්දියාවේ වැදගත්කම ජනාධිපතිගේ විශේෂ අවධානයට ..

Gotabaya Modiඅසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ම හා ප්‍රමුඛතම පාර්ශවය වේ.  

විදේශ සබඳතා වල දී ඉන්දියාවට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවස්ථා කීපයකදීම ප්‍රකාශ කර තිබූ අතර ආරක්ෂාව හා උපාය මාර්ගික කරුණු වලදී  ඉන්දියාවට ප්‍රමුඛ තැන ලබා දී කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ ද මෑතක දී සඳහන් කර තිබිණ.

ශ්‍රී ලංකාව සිය ප්‍රථම විදේශ ධුත කාර්යාල විවෘත කළේ ද ඉන්දියාවේය.  ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 1948 වසරේදීය. එසේ, ශ්‍රී ලංකාව (එවකට සිලෝන්) ඉන්දියාව අතර රාජතාන්ත්‍රික ආරම්භ කළේ 1948 වසරේදීය.

ඊට පෙර ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ඉන්දියාවට පත් කර තිබූ අතර ශ්‍රී ලංකා නියෝජනය කරමින්එම ධුරයට  මුල්වරට පත්කෙරුණේ ශ්‍රීමත් ඩී බී ජයතිලකය. ඔහු එම ධුරයට පත් කෙරුණි 1942 වසරේදීය.

එදා මෙදා තුර ශ්‍රී ලාංකීය විශිෂ්ඨයින් ගණනාවක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය හොබවා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්