# විනිසුරන් පත්කිරීම ජනාධිපතිවරයාට.
# කොමිෂන් සභාවලට පත් කිරීම ජනාධිපතිවරයාට.
# රජයේ ඉහල නිලධාරීන් පත්කිරීම ජනාධිපතිවරයාට.
# පොලිස්පති පත්කිරීම ජනාධිපතිවරයාට.
# ද්විත්ව පුරවැසි සීමාව ඉවතට.
# ජනාධිපතිට ඇමති ධුර හිතෙන තරමට.
# ඇමතිමණ්ඩලයට ඕනෑතරම් ඇමතිවරු.
# පැය 24 හදිසි පනත් ගෙන ඒමට අවසර.

# සැප්තැම්බර් 02 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමැතිය ලබා දෙන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මගින් ඉහළ අධිකරණවලට, ස්වාධීන කොමිෂන් සභාවට හා රජයේ ඉහළ නිලතල වලට පුද්ගලයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට යළි ලබා දී ඇත.

# 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිය බවට පත් කිරීම, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට පත් කිරීම, ජනාධිපතිවරයාට ධුර කාල දෙකක් පමණක් දැරීමට හැකි වීම සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 05 ක් යන්න මෙම 20වන සංශෝධන යෝජනාව මගින් සංශෝධනය කර නොමැත.

''මෙම සියලු සංශෝධනවලට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි වන අතර ඒ අනුව 19 වන සංශෝධනයෙන් ඇතුලත් කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේදී ජනාධිපතිවරයාට එරෙහිව ඔහු වෙනුවෙන් නීතිපතිවරයා නම් කරමින් නඩු පැවරීමේ හැකියාව අහෝසි කර තිබේ.''

# මෙම සියලු සංශෝධන වලට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි වන අතර ඒ අනුව 19 වන සංශෝධනයෙන් ඇතුලත් කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේදී ජනාධිපතිවරයාට එරෙහිව ඔහු වෙනුවෙන් නීතිපතිවරයා නම් කරමින් නඩු පැවරීමේ හැකියාව අහෝසි කර තිබේ.
Basil Rajapaksha. 20
# එමෙන්ම, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණවලට හෝ පාර්ලිමේන්තු මැතිවරණවලට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට නොහැකි ලෙස තිබු බාධකය ද ඉවත් කර තිබේ.

# වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබු බාධකය ද ඉවත් කරමින් වසරක කාලයකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා බලය ලබාදී තිබේ.

#  ඇතිකළ හැක්කේ කැබිනට් මණ්ඩල අමාත්‍යංශ 30ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 40ක් යන සීමාව ද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශය හා ඒවාට ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් කැමති ගණනක් පත් කිරීමේ හැකියාව ද ලබා දී ඇත.

#  කිසිදු අමාත්‍යවරයෙකුට යටතට පත් නොකරන ලද අමාත්‍යංශ හා විෂයයන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට ගැනීමට බලය පවරා ඇති අතර ජනාධිපතිවරයාට තමාටම අමාත්‍යාංශ පවරා ගැනීම සිදු කළ හැකිය.

එම අමාත්‍යංශ ගණන තමාම නිශ්චය කර ගැනීමටද ඔහුට හැකිය. ඒ අනුව 20වන සංශෝධය යෝජනාලියෙන්  ජනාධිපතිවරයාට අමාත්‍යධුරයක් දැකගැනීමේ හැකියාව ලබා දී ඇත.

''කිසිදු අමාත්‍යවරයෙකුට යටතට පත් නොකරන ලද අමාත්‍යංශ හා විෂයයන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට ගැනීමට බලය පවරා ඇති අතර ජනාධිපතිවරයාට තමාටම අමාත්‍යාංශ පවරා ගැනීම සිදු කළ හැකිය.''

#  ජනාධිපතිධුරය සඳහා තරග කරන අපේක්ෂකයින් ගේ අවම වයස් සීමාව අවුරුදු 35 සිට 30 දක්වා අඩු කර ඇත.

# 'ජාතීයේ හිතසුව පිණිස' හදිසි පනත් කෙටුම්පත් කිරීමේ බලය ද කැබිනට් මණ්ඩලයට යළිත් ලබාගෙන ඇති අතර එවැනි කෙටුම්පතක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යොමු කළ විට දී ශ්‍රේෂ්ඨාධිකරණය පැය 24 කාලයක් තුලදී ඒ පිළිබඳව සිය මතය ජනාධිපතිවරයාට හා කථානායකවරයාට දැනුම් දී යුතුය.

එම කාලය දින තුනකට නොවැඩි කාලයක් දක්වා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නියම කළ හැකිය.

#  19 වැනි සංශෝධනය මගින් ඇතිකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 20 වන සංශෝධනය අහෝසි කර ඇති අතර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ඇති කර ඇත.

 එම පාර්ලිමේන්තු සභාව අගමැති, කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අගමැතිගේ නියෝජිතයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විපක්ෂ නායකයාගේ නියෝජිතයකු ගෙන් සමන්විතය.

ඊට සිවිල් සමාජයේ කිසිවකු ඇතුළත් වන්නේ නැත.

#  මෙම පාර්ලිමේන්තු සභාවට පැවරෙන කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් නම් කරන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම් සභා හා සීමා නිර්ණ කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් හා සභාපතිවරුන් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණය.

එම කොමිසම්වල නිලධාරීන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතු ය.

 ''මෙම පාර්ලිමේන්තු සභාවට පැවරෙන කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් නම් කරන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම් සභා හා සීමා නිර්ණ කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් හා සභාපතිවරුන් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණය.''

#  ඊට අමතරව අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ද, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ද, අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයින් ද පත් කිරීමේ බලය ජනාධිපතිවරයා හිමිවන අතර පාර්ලිමේන්තු සභාවට නිර්දේශ සඳහා පමණක් එම පත්කිරීම් යොමුකෙරේ.

#  ඊට අමතරව නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ ඕම්බුස්මන්වරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ද පත් කිරීම් ද ජනාධිපති කරන අතර පාර්ලිමේන්තු සභාවට නිරීක්ෂණ ලබාගැනීම සඳහා පමණක් එම පත්කිරීම් යොමුකෙරේ.

# මීට අමතරව පොලිස්පතිවරයා ද ජනාධිපතිවරයා විසින් පත් කරන අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා නොගනී.

# 19 වන සංශෝධනයෙන් ඇතිකරන ලද විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම 20 වන සංශෝධනයෙන් අහෝසි කර ඇත.

('අනිද්දා' පුවත්පතේ පළවූ ලිපියකි. මෙම විෂයයට අදාල විශේෂාංග ගණනාවක් මෙවර 'අනිද්දා' සති අන්ත පුවත්පතේ පලවී තිබේ.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්