leader s

යෝජිත විසි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට දණ්ඩ මුක්තිය හිමි වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

අඩුම තරමේ මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ බලය ජනතාවට තිබිය යුතු බවද ඔහු කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අද දින අද ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ නමුත් ජනතාව මෙවර ඡන්දය දී ඇත්තේ 19 සංශෝධනය අහෝසි කිරීමට බවත් එනම් මේ සියල්ල අහෝසි කිරීමට බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බවත් තම පක්ෂය 14 දෙනා ඡන්දය නොදී සිටියොත් තුනෙන් දෙකේ බලය නැති වී යන බවත් ඇමැතිවරයා ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිහිපත් කර සිටියි.

''මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බවත් තම පක්ෂය 14 දෙනා ඡන්දය නොදී සිටියොත් තුනෙන් දෙකේ බලය නැති වී යන බවත් ඇමැතිවරයා ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිහිපත් කර සිටියි.''

නමුත් රටේ ජාතික ප්‍රශ්න සමග එය කේවල් කිරීමට තම පක්ෂය සුදානම් නැති බව ද පවසන ශ්‍රීලනිප මහ ලේකම්වරයා, 19 සංශෝධනය අහෝසි කිරීමේ දී රටට වගකියන සංශෝධන ක්‍රියාවලියකට තම සහාය දක්වන බවද කියා සිටී.

එමෙන්ම ආණ්ඩුවෙ ජනප්‍රියත්වය විනාශ කරගෙන සංශෝධන කළ යුතු බවක් තමන් විශ්වාස නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

''ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ගැන ශ්‍රී.ල.නි.ප ය තදින් සිටිනවා''

මේ අතර ශ්‍රීලනිප හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ, හෙට දින (08) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල විශේෂ රැස්වීමේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බරපතල තීන්දු කිහිපයක් ගැනීමට ඉඩ ඇති බවයි.

එහිදී විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පනවා ඇති බාධකය ඉවත් කිරීමට තමා එකඟ නැති බව ඔහු අවධාරණය කළේය.

එවැනි තත්වයක් තුළ 20 වැනි සංශෝදනය නැවත සංශෝධනය නොව එම ප්‍රතිපාදනය නැවත ඇතුල් කිරීමට ආණ්ඩුවට බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති බව විචාරකයෝ පවසති.

 

චන්දිමත් ලෙඩක් අදී..Chandima Weerakkodi

ඒ අතර ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුයේ, 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම පත් කිරීමට වඩා පාර්ලිමේන්තුවට ඒ සඳහා බලය පැවරීම වඩා සුදුසු බවයි.

එම පත්කිරීම ලබා දුන්නොත් එය වඩා ප්‍රායෝගික යැයි තම අදහස බව ඔහු පැවසීය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලිකව මහජන නියෝජිතයන් ලෙස අදහස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඔහු සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුව සමයේදී කැබිනට් අමාත්‍ය ධුරයක් දරා මේවනවිට නිකම්ම නිකන් මන්ත්‍රීවරයකු ලෙස සිටින  චන්දිම වීරක්කොඩි මෙම අදහස් පළකළේ 20 වන ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්