leader s

එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය.

ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය.  

ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.

''දැන් සතියකට වැඩියි.  රටම බලාගෙන ඉන්නේ මේ ලියවිල්ලේ කර්තෘ සොයා ගැනීමටය.  නිර්මාතෘ සොයා ගැනීමට ය.  කර ගසා ගෙන යන්නෝ සොයා ගැනීමටය.''  කීර්ති තෙන්නකෝන් 'නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

1972 ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර්. ද සිල්වා ය.

1978 ව්‍යවස්ථාව  හැදුවේ එච්.ඩබ්ලිව්. ජයවර්ධන, ජේ.ආර්.ගේ සහෝදරයා ය.  

චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව හැදුවේ ජී.එල්. පීරිස් ය.

19 ව්‍යස්ථාව  හැදුවේ ජයම්පති  වික්‍රමරත්නය.

හැබැයි,  20 සංශෝධනය ලියපු කෙනෙක් නැත. කර්තෘ අඥාත යි.

Dolawatta20 ගැන 'වොයිස්කට්' එකක් දීමට හෝ ඉන්නේ දොලවත්ත වැනි කිහිප දෙනෙකු පමණි.

20 රකින්නට කවුරුත්ම ඉදිරිපත් වෙන්නේ නෑ.  20 ට විරුද්ධව එල්ල වෙන විවේචන, පරාද කරන්නට එය රැකගන්නට විෂයානුබද්ධ ශාස්ත්‍ර ඥානයක් සහිත කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ ඇයි?

ලංකා ඉතිහාසයේ අශිෂ්ඨතම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ අය කවුදැයි රටම දැන ගත යුතුව ඇයි යි, රජිත් කීර්ති තෙන්නකෝන පවසයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්