leader s

20 ගෙනාවත් නැතත් අගමැති මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ජනාධිපති ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැතැයි

ආණ්ඩුවට සහයදක්වන ප්‍රකට සිංහල සංවිධානයක් පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙනා සංවිධාන ඉවත දමා වියත්මග වැනි 'පොෂ්' සංවිධාන ළංකර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ ඇතැම් පත් කිරීම් කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බවත් එම සංවිධානය අවධාරණය කර සිටියි.

එසේ ජනාධිපතිවරයාගේ වත්මන් දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් ඉදිරිපත් කරන්නේ, සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ය.

ගෝඨාභය රාජපක්ෂ පරිපාලකයකු ලෙස දක්ෂ අයකු වුවත් දේශපාලනික වශයෙන් අත්දැකීම් අඩු අයෙක් බව උන්වහන්සේ පෙන්වා දෙති.

මහින්ද රාජපක්ෂට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂට නැති බවද උන්වහන්සේ කියා සිටියහ.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් 'වියත්මග' වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයාට දැනුම් දී සිටින බවද උන්වහන්සේ පැවසූහ.

 

සිංහලේ සංවිධානයේ මතය ජාතික සංවිධානත් අනුමත කරයි !

සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ජනාධිපතිවරයාගේ පත්වීම්, විශේෂයෙන් මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කිරීම දැඩි ලෙස විවේචනය කරද්දී, ජාතික සංවිධාන එකමුතුව විසින් මොරගොඩගේ පත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු උසස් බලතල කාරක සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මිලින්ද මොරගොඩ ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකොට ඇති බව ‘Wickileaks’  කේබල් පණිවිඩ 150 ක් මගින් තහවුරු වී ඇති බැවින් ඔහු තානාපතිවරයෙකු ලෙස පත් කිරීම් නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව  පාර්ලිමේන්තුවේ උසස් බලතල පිළිබඳ කාරක සභාවට පැමිණිළි කොට තිබේ.

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊට අත්සන් තබා ඇත්තේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාරය.

ඔහු දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම්වරයා ලෙස මිලින්ද මොරගොඩ ප්‍රශ්නය පිළිබඳ ජනමාධ්‍ය වෙත යවා ඇති ලිපියක පිටපතක්ද එම පැමිණිල්ල සමග අමුණා ඇත.

Moragoda IHC

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්