leader s

විසි එක් වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට  ලක්වූ සාමාන්‍ය වැසියන් විසි හතර දෙනකු මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල්  ග්‍රාමයේදී සැප්තැම්බර් 15 අඟහරුවාදා පැවැති  අනුස්මරණය සිදු කර ඇත්තේ ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය වැසියන්ගේ ඥාතීන්ගේ ද සහභාගිත්වයෙනි.

අනුස්මරණය සංවිධානය කර තිබුනේ "මව්බිමේ ඥාතීන් අනුස්මරණය කිරීමේ සංවිධානය" විසිනි.

එම සංවිධානයේ කැදවුම්කරු එස්.රූබන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වෙත කැඳවා සැමරුම සිදු නොකරන ලෙස  පොලීසිය විසින් පෙර දිනදී දැනුම් දී තිබුනද එය නොතකා සැමරුම පවත්වන ලද බවයි උතුරේ වාර්තාකරුවන් පවසන්නේ.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල්  වැසියන් ජනාකීර්ණ මන්දුවිල් කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක්  විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් විසි හතර දෙනකු මලින්, පහනින් හා කඳුලින් සමරන ලදී.

''මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් වැසියන් ජනාකීර්ණ මන්දුවිල් කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක්  විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් විසි හතර දෙනකු මලින්, පහනින් හා කඳුලින් සමරන ලදී.''

බෝම්බ ප්‍රහාරය එල්ල කළ  ස්ථානයේදීම ගම් වැසියන් දස දෙනකු මිය ගොස් ඇති අතර තුවාල ලැබු  සෙසු පිරිසෙන් දාහතර දෙනකු  පසුව මිය ගොස් තිබේ.

මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.

මන්දුවිල් ගම් වැසියන් පවසන්නේ ප්‍රහාරයෙන් තවත් හතලිහකට අධික පිරිසක් තුවාල ලැබු බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙම ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි විසිනි.

2002 ජූලියේ විශ්‍රාම ගිය ඔහු චන්ද්‍රිකා-රනිල් පාලනය විසින් පකිස්තානයේ මහ කොමසාරිස් වශයෙන් පත්කර යවන ලදී.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්