leader s

සංහිඳියාව ගැන ලංකාවේ අලුත් ප්‍රවේශය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම දැනුම් දී සිටියි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීමට ගෙන ඇතැයි කියන තීන්දුව සම්බන්ධව කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම හෙවත් Core group හි විශේෂ අවධානයක් යොමුව ඇත.

එම සංවිධානය වෙනුවෙන් එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනි රීටා ෆ්‍රෙන්ච්  පසුගිය 15 වැනිදා ඒ පිළිබඳව අදහස් දක්වා තිබේ. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව හා වගවීම පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ විශේෂ වාර්තාවක් එළැඹෙන මාර්තුවේ කවුන්සිලය විසින් සලකා බැලීමට නියමිතව ඇති අතර එහිදි 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවරයන් සලකා බැලෙනු ඇතැයි’ ඇය එහිදි කියා සිටියාය.

ශ්‍රී ලංකා රජය සංහිඳියාව වර්ධනය කරමින් විවිධ ජාතීන් අතර යුක්තිය, සාමය හා සහජීවනය වර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ කැපවීම ප්‍රකාශ කරමින් නව දේශීය ක්‍රියාවලියක හරහා මෙම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමට යෝජනා කර ඇත. 

එම අඛණඩ කැපවීම අප අගය කරන අතරම කණගාටුවට කරුණ නම්, මීට ප්‍රථම පැවැති ක්‍රියාදාමයන් ද තහවුරු කළේ නිර්මුක්තියට (දඬුවම් නොලබා සිටීමට) වැට බැදීමට නොහැකි වීම සහ සැබෑ සංහිඳියාවක් බිහි කිරීමට නොහැකිවීමයි.

(samabima.com)

වැඩිදුරටත් තොරතුරු සඳහා පහත ලිපිය කියවන්න 

සංහිඳියාව ගැන ලංකාවේ අලුත් ප්‍රවේශය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි – ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්