leader s

බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට නිසි පරිදි ආහාර පාන නොලැබෙන බවට සිවිල් සංවිධාන නගන චෝදනා සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  පසුගියදා සිරකරුවන්ගේ කෑම වේලේ රස බැලීමට කටයුතු කළ බවයි රජය පවසන්නේ.

පල්ලෙකැලේ එළිමහන් සිරකදවුරේ නිරීක්ෂණයට එක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සිය නිරීක්ෂණය අතරතුර රැඳවියන්ට ආහාර ලබාදෙන මොහොතේ ඇය විසින් එම ආහාර රස බැලීමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඡායාරුප ද සමගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

තමන්ට රැඳවියන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙන බව එහිදී පවසා ඇති අමාත්‍යවරිය  බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ රැදවියන්ට ලබාදෙන කෑමවේල සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් සැප්තැම්බර් 11 වනදා  පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබුනේ බන්ධනාගාර තුළ රැදවියන්ට ලබාදෙන්නේ වතුර සහ බත් පමණක්  බවයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ  දිවයින පුරා බන්ධනාගාර වල සිරකරුවන්ට නිසි පරිදි ආහාර පාන නොලැබෙන තත්වයක් පවතින බවයි.

'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පසුගියදා පවසා තිබුනේ  දිවයින පුරා බන්ධනාගාර වල සිරකරුවන්ට නිසි පරිදි ආහාර පාන නොලැබෙන තත්වයක් පවතින බවයි..''
සිරකරුවන්වුවද මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්වන අතර  ඔවුන් යහපත් පුරවැසියන් කර සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සැමගේ යුතුකම හා වගකීම බවත් රාජ්‍ය ඇමතිනිය එහිදී පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් ටී.අයි උඩුවර, රාජ්‍ය ඇමතිනියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන උදාර තීක්ෂණ ද සිල්වා සහ හරිත සොයිසා සමග සමග පල්ලෙකැලේ එළිමහන් බන්ධනාගාරයේ අධිකාරී විජය තෙන්නකෝන් ද එක්ව තිබේ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්