ඊයේ (22) උදෑසන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඒ. එල්.එම්. අතාවුල්ලා සැරසී සිටි ඇඳුමක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ ඔහු පාර්ලිමේන්තුවට නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවය.
අතාවුල්ලා සැරසී සිටි ඇඳුම සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කරමින් 'සමගි ජන බලවේගය' පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කළේ, තමනට ද පාර්ලිමේන්තුවේ කමිසය ගලවා ගෙන සිටීමට අවසර ලබා දිය යුතු බවයි.
අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇදුම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි එකක් යයිද ඔහු පැවසීය.
එම ඇඳුම ගැලපෙන්නෙ ඇෆ්ගනිස්ථාන හෝ පකිස්ථාන පාර්ලිමේන්තුවට බවද පෙන්වා දුන් ඔහු එවන් ඇදුම්වලට ඉඩ දෙන්නේ නම් තමනටද කමිසය ගලවාගෙන පාර්ලිමේන්තුවේ සිටීමට කතානායකගෙන් අවසර ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මුල් කරගෙන මන්ත්‍රීවරයා සභා ගැබෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීහු කටයුතු කළහ.
සභාවෙන් පිටත දී අතාවුල්ලා පැවසුවේ තමා එම ඇඳුම ඇන්ඳේ සීතල නිසා බවය.
වීඩියෝ
'අපේ මිනිහෙක්' නම් ඕනෑම දෙයක් !
මේ අතර අරුන් තම්බිමුත්තු සිය FB පිටුවේ සටහනක් පළකරමින් මෙසේ සඳහන් කර තිබේ.
'අපේ මිනිහෙක්' නම් ඕනෑම දෙයක් පිළිගන්න පුළුවන් වගෙයි පේන්නේ.
මේ අතාවුල්ලාගේ ජාතික ඇඳුම වගෙයි.
ඇත්තටම ගරු කතානායකතුමනි?
කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ පළකර ඇත්තේ මෙවැනි සටහනකි.
Uvindu Kurukulasuriya
''මේ කවුද මන්ත්‍රී කෙනෙක් අද ලුමිනස් ටයි එකකුත් දාගෙන ඇවිත්, දයාසිරි බතික් ඩිසයින් තියෙන සූට් එකක් දාගෙන ආවෙ. මොකද මේ අතාවුල්ලගෙ එකට විතරක් වලියක්? මට නම් පේන්නෙ ඩ්‍රෙස්කෝඩ් සීන් එකක් නෙමෙයි. ඒක උඩ ජාතිවාදය අදින්න හදන්නෙ.''






