leader s

හිටපු කතානායක කරු ජයසුරිය එක්සත් ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක පිහි⁣ටුවීමට සූදානම් බවට 'ඉරිදා දිවයින' පුවත්පතෙහි පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව 'සාධාරණ සමාජයක් සදහා
වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

එම සංවිධානයේ ලේකම්, පාලිත ලිහිණිය කුමාර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, එම පුවතේ හි අන්තර්ගත කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යය, පදනම් විරහිත හා  මේ රටේ ජනතාව නොමඟ යවන සුළු බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතාට හෝ එම ව්‍යාපාරයට නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ කිසිදු අරමුණක් නොමැති අතර ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන යුක්තිය සාධාරණය රජයන ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා පූර්ණ වශයෙන් කැපවන බහුජන සංවිධානයක් ලෙස අඛණ්ඩවම ක්‍රියාත්මක වනු ඇත.

ආණ්ඩු බලය සඳහා වන කිසිඳු අරමුණක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නොමැත. එහි අනාගත ගමන්මඟ ද ඒ අනුවම සිදුවනු ඇත.

එබැවින් දිවයින පුවත්පතෙහි පලවූ එම පුවත මම තරයේ ප්‍රතික්ෂේප කරමි.

Palitha latter 2020.09.26

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්