leader s

ප්‍රවීණ මාධ්‍යවේදී මහිලාල් එම් සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහු 65  වන වියෙහි පසුවිය.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන 'සියරට' පත්‍රයේ කර්තෘවරයා ලෙස මාධ්‍ය ජීවිතය ඇරැඹූ සෙනෙවිරත්න,  
වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ලෙස සිටියදී සහ ඊට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස වසර දහයකට වැඩි කලක් කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකව සිටි අවධියේ එම මාධ්‍ය අංශයේ ද මාධ්‍ය සම්බන්ධීකරණ නිලධරයකු ලෙස ද කටයුතු කළ සෙනෙවිරත්න, අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයා ලෙස වරින්වර කටයුතු කර ඇත.

මහිලාල් .එම්. සෙනවිරත්න හොඳම මාධ්‍ය ලේකම්වරයා ලෙස "මාස්කෝ" සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.

සෙනවිරත්න මහතාගේ දේහය අංක 400බී, නව නුවර පාර,  තලංගම, කොස්වත්ත ලිපිනයේ පිහිටි මහින්ද පනාගොඩ සහ සමාගමේ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (28)සවස 4 ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්