leader s

ජාත්‍යන්තර ආයතනයක් විසින් ශ්‍රී ලංකාව ඉතා ඉහල ණය අවදානමක් ඇති රටක් දක්වා පහත හෙලා තිබීම

ඇමරිකානු ඩොලර් බිලියනයක බැදුම්කර විකුණා මුදල් රැස් කර ගැනීමට මහ බැංකුව කර තිබෙන සැලසුම් වලට බරපතල අවහිරයක් බව පෙනී යයි.  

ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'මූඩි' ගේ අලුත්ම ශ්‍රේණිගත කිරීමට අනුව ලංකාව 'ඉහළ' ණය අවදානමක් සහිත රටක සිට 'ඉතා ඉහළ' ණය අවදානමක් සහිත රටක් දක්වා තත්ත්වයෙන් පහත හෙලූ බව නිවේදනය කර ඇත.

මේ නව ශ්‍රේණිගත කිරීමේ නිවේදනය නිකුත් වුයේ එළැඹෙන ඔක්තෝබර් 4 වැනිදාට ඇමරිකානු ඩොලර් බිලියනයක බැදුම්කර නිකුතුව සදහා සියල්ල සූදානම් කර තිබියදීය.

''මේ නව ශ්‍රේණිගත කිරීමේ නිවේදනය නිකුත් වුයේ එළැඹෙන ඔක්තෝබර් 4 වැනිදාට ඇමරිකානු ඩොලර් බිලියනයක බැදුම්කර නිකුතුව සදහා සියල්ල සූදානම් කර තිබියදීය.''

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම B2 සිට Caa-1 දක්වා පහත හෙලා ඇති බව 'මූඩි'ගේ ආයෝජක සේවය (Moody’s Investors Service) විසින් නිවේදනය කර ඇත්තේ සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කරන ලද නිවේදනයක් මගිනි.

2020 අප්‍රේල් 17 වන දින සිට ආරම්භ කරන ලද ලංකාව පිළිබද විමර්ශනයන්ගෙන් පසු මෙම තීරණයට එළඹුනු බව ද එම නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම මේ වාර්තාව කියන්නේ කොරෝනා වයිරසය මගින් ඇති කළා වූ කම්පනය තැකිය හැක්කේ සමාජීය උපද්‍රවයක් ලෙස බව හා ඒ වන විටත් ශ්‍රී ලංකාවේ අරමුදල් සම්පාදනය හා බාහිර ලෝකයේ පිලිගැනීම සැලකිය යුතු මට්ටමකින් බිදෙන සුලු තත්වයක පැවැති බවයි.

ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති විදෙස් ණය වාරික ගෙවීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සතු සුරක්‍ෂිත නැතිනම් ස්ථීරසාර ආදායම් ප්‍රභවයන්ගේ සීමිත භාවය නිසා මතුවන ඉහළ යන ද්‍රවශීලතාවය සහ බාහිර අවදානම් තත්වය හේතුකොටගෙන ණය වාරික ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීම අර්බූදකාරී තත්වයකට ලක් වන බව ඔවුන් සිය ප්‍රකාශයේ සඳහන් කරයි.

Moodys Investors Service

රටට ණය දැරිය හැකි පිරිවැය, ඉහළ අයවැය හිඟය සහ ප්‍රතිසංස්කරණ සඳහා ඇති සීමිත ඉඩකඩ පිළිබඳව පවතින ගැටළුකාරී තත්වයන් ඉස්මතු කරමින් එම ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන විදේශ මුදල් නිකුතුව සහ ජ්‍යෙෂ්ඨ අනාරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම් පහත හෙලා ඇත.

ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති විදෙස් ණය වාරික ගෙවීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සතු සුරක්‍ෂිත නැතිනම් ස්ථීරසාර ආදායම් ප්‍රභවයන්ගේ සීමිත භාවය නිසා මතුවන ඉහළ යන ද්‍රවශීලතාවය සහ බාහිර අවදානම් තත්වය හේතුකොටගෙන ණය වාරික ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීම අර්බූධකාරී තත්වයකට ලක් වන බව ඔවුන් සිය ප්‍රකාශයේ සඳහන් කරයි.

එවන් කාල පරිච්ජේදයකදී වෙළද පල අළුතින් මූල්‍යකරණය වීම අවදානම් තත්ත්වයක රැදෙනු ඇති බැවිනි ආයෝජක අභිප්‍රායයන් අස්ථාවර වනු ඇති බවද ප්‍රකාශය පෙන්වා දෙයි.

''දිගින් දිගටම දැඩි බාහිර මූල්‍යමය ගැටළුවලට සහ තියුණු හා දීර්ඝ කාලීන ආර්ථික පසුබෑමකට ලක්වීම හේතුවෙන්, මේ වන විට ලබන ආදායමේ සැලකිය යුතු අඩුවීමකට ද  ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත.''

"මෙම කම්පනය සිදුවන්නේ විශාල බාහිර ණය ගෙවීම් සඳහා වන සංචිත ආවරණය අඩු වීම සහ ණය දරා ගැනීමේ හැකියාව ඉතා දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තත්වය බෙහෙවින් අවදානමට ලක්ව ඇති අවස්ථාවක දී ය" යි, කියා සිටින ප්‍රකාශය පෙන්වා දෙන්නේ, දිගින් දිගටම දැඩි බාහිර මූල්‍යමය ගැටළුවලට සහ තියුණු හා දීර්ඝ කාලීන ආර්ථික පසුබෑමකට ලක්වීම හේතුවෙන්, මේ වන විට ලබන ආදායමේ සැලකිය යුතු අඩුවීමකට ද  ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

 

ආණ්ඩුව එකඟ නෑ

කෙසේ වෙතත් ආණ්ඩුව රටේ ආර්ථිකය වැටී ඇති අවදානම් සහගත තත්වය පිළිගැනීමට එකඟ බවක් පලකොට  නැත.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුඩි විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන කනගාටුවට පත්වන බවයි.

කෝවිඩ් 19 වසංගතයත් සමග ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අයවැය හිඟය ක්‍රමානුකූලව පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

එසේම අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ඇඟළුම් අපනයන කොවිඩ් තත්ත්වයට පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇති බවත් මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් කියා සිටී.

''අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ඇඟළුම් අපනයන කොවිඩ් තත්ත්වයට පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇති බවත් මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් කියා සිටී.''

 

සබැඳි පුවත් :

Sri Lanka's bonds hammered by default worries 

Sri Lanka sovereign rating downgraded two notches to Caa1 by Moody’s - ECONOMYNEXT 

සිතාගේ 'කුඩ' කතාව 'ප්ලන්ට්' කළේ 'මූඩීස්' වාර්තාව යට ගහන්න ද? 

'මූඩීස් වාර්තාව නිසා ලංකාවට ආයෝජකයන් එන එකක් නෑ' - ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා 

Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි:  'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්