leader s

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම රටට අවශ්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.


ඔහු එබව කියා සිටියේ, බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේ ඊයේ (02) පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමිනි.

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බව අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.

'' අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බව අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.''

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ, විවිධ කොටස් වශයෙන් දරුවන් බෙදීම අවසන් කළ යුතු බවයි. 

 “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්” යැයි ද අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. 

සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, නැවත එළඹී ඇති බවත්, ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ සිට ඔබ පාසල් යනවිට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹ ඇති බවත්, අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ දරුවන් අතරින් සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයත් දරුවන් ඉන්න බව මට පේනවා. ඒක තමයි මම මේ රටේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය. ඒ වගේම සියලු ජාතීන් ආගම්වලට අයිති දරුවන් ඒකරාශී කර ගැනීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා.

MR 2020.10.03
තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසිය.

''අපි කුඩා කාලයේ ඉදලම දරුවන්ව බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉදන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් උනාම කියනවා එකතු වෙයල්ලා කියලා. 

අධ්‍යාපනයේදී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. 

 ''අධ්‍යාපනයේදී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ''

ජාතිය, ආගම හැටියට විතරක් නෙමෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. 

පොඩි කාලෙම බෙදිලා වෙන්වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ. 

එක නීතියක් එක රටක් ඕනිනම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.

අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. 

දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකක්ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. 

අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්. 


''අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්. ''

අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්. 

ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනි. 

ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනි. 

අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනි. ''

අගමැතිවරයා එස්. මහින්ද හිමියන්ගේ කවියක් ද දරුවන් හමුවේ කියා සිටියේය.

තමන් ලැබූ දිවි පිවෙතේ - කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් එයින් පුතේ - මෙලොවට කිසි පළක් නැතේ

වීඩියෝ 

අගමැතිගේ සම අයිතිවාසිකම් !- උවිඳු ප්‍රශ්න කරයි 
 

අගමැති මහින්ද රාජපක්ෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අවධාරණය කරමින් සිදු කළ එම කතාව  සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.


Uvindu Kurukulasuriya 2020.10.03''අගමැතිගේ සම අයිතිවාසිකම්;

හරිම පොඩි මතක තියෙන මාධ්‍ය ලංකාවට තියෙන්නෙ

දැන් මේ අගමැතිතුමා කියන කතාව අහන්න, 

එයා කියනව; 

"අපි කුඩා කාලේ ඉඳන් දරුවන්ව බෙදනව, අද සිංහල දරුවො සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවො මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල, කුඩා කාලෙ ඉඳන්ම දරුවන්ව වෙන්කරල, අපි ඒ ගොල්ලො ලොකු මහත් වුනාම කියනව, එකතු වෙයල්ල ..අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනෙ....." ආදී වශයෙන්. 

මරු මෙයාම මේක කියන එක.

1999 දි එයත් ඇමති කෙනෙක් වෙච්ච චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ගෙනාව "සම අයිතිවාසිකම් පණත" (equal opportunity bill)  කියල එකක්. ඒක කෙටුම්පතක්. කැබිනට් එකට දැම්ම. 

ඒක ලෝකෙ හොඳම සම අයිතිවාසිකම් ගැන තිබ්බ පනත් අධ්‍යයනය කරල හදපු එකක් ලංකාවට ගැලපෙන විදියට. 

1999 දි එයත් ඇමති කෙනෙක් වෙච්ච චන්ද්‍රිකාගෙ ආණ්ඩුව ගෙනාව "සම අයිතිවාසිකම් පණත" (equal opportunity bill)  කියල එකක්. ඒක කෙටුම්පතක්. කැබිනට් එකට දැම්ම. ඒක ලෝකෙ හොඳම සම අයිතිවාසිකම් ගැන තිබ්බ පනත් අධ්‍යයනය කරල හදපු එකක් ලංකාවට ගැලපෙන විදියට. 

දකුණු අප්‍රිකාවෙ තමා ඒකාලෙ තිබ්බ දියුණුම එක, ලිංග බේද, ගැහැණු-පිරිමි බේද නැතුව පාසල් ක්‍රමය ප්‍රතිස්ථාපනය කරන්න තවත් ගොඩක් ආයතනික වැරදි ( discrimination)  නිවැරදි කරගන්න හදපු එක.

චන්ද්‍රිකා හා ඒ ආණ්ඩුවේ හිටපු අයිතිවාසිකම් ගැන හිතපු අය හිතුව, අලුත් ව්‍යවස්ථාවකින් ප්‍රාදේශිව ඒකරාශී වෙච්ච ජන ප්‍රජාවන්ට දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරනකම්, රට පුරා විසිරිච්ච ජනතාවට සමාන අයිතිවාසිකම් දෙන්න.
 
ඒක තමා ඒ පණත ගෙනාවෙ, එකේ තව ගොඩක් ඒව තිබ්බ, මම මේ මතක් කරන්නෙ අධ්‍යාපනයට අදාල දේ අද මහින්දගෙ කතාවත් එක්ක. 

කතාව කෙටියෙන් මේකයි. 

මෙයා තමා ආදි ශිෂ්‍ය මාෆියා එයාගෙ ගෙදරට ගෙනත් උන්ව ඇවිස්සුවෙ ඒකට විරුද්ධව, ඔය ආන්නද නාලන්ද, මගේ ඉස්කෝලෙ ධර්මරාජ ඔක්කොම සමහර උන් රටපුරා පාරට බැස්ස. 

අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණව රෙද්ද උස්සන් කෑගහන තත්වෙට පත්කරා. 

මෙයා තමා ආදි ශිෂ්‍ය මාෆියා එයාගෙ ගෙදරට ගෙනත් උන්ව ඇවිස්සුවෙ ඒකට විරුද්ධව, ඔය ආන්නද නාලන්ද, මගේ ඉස්කෝලෙ ධර්මරාජ ඔක්කොම සමහර උන් රටපුරා පාරට බැස්ස. අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණව රෙද්ද උස්සන් කෑගහන තත්වෙට පත්කරා. 

ඒව ඔක්කොම මාධ්‍යයට දීල පූස වගේ හිටිය. 

අද දැනුම දියුණුවෙලා නම් හොඳයි, ඒත් ඒක මහජනයට කියන්න, මම එදා වැරදියි කියල. 

ඒ වෙනකොට අපි චන්ද්‍රිකාට විරුද්ධ එඩිටෝරියල් ලයින් එකක හිටියත් මමවත් මම රස්සව කරපු ආයතනයවත් ඒවට උල්පන්දම් දුන්න්නෙ නැහැ. 

ඒත් මට ඒ ඔක්කොම මතකයි.

 මේක කෙටි සටහනක් මම මේ ලියන්නෙ, මේක දැක්ක ගමන් මේ. මාධ්‍ය අය ඒක හොයල, ඒ පණත් කෙටුම්පත ගැන ලියන්න. 

මහින්ද එදා හැසුරුනෙ කොහොමද, අනිත් අය කොහොමද, ආදී දේවල්.''


UVindu FB 2020.10.03

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්