leader s

88-89 භීෂණයෙන් පසුව දේශපාලනික වශයෙන් හුදෙකලාව සිටි ජනතා විමුක්ති පෙරමුණ 1994 මහ මැතිවරණයේදී යළි ප්‍රසිද්ධ දේශපාලනය ගෙන ඒමට විශාල කාර්ය භාරයක් ඉටුකල මැතිව් ප්‍රනාන්දු හදිසි

හෘදයාබාදයක් හේතුවෙන් අද (04) උදැසන ජිවිතයෙන් සමුගෙන ඇත. 

මියගෙන විට ඔහු 52 වියෙහි පසුවිය.

ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් යුතු 'ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ' සමග 1994 දී ඇතිකර ගත් එකඟත්වය මත එම පක්ෂයේ නම 'ජාතිය ගලවාගැනීමේ පෙරමුණ' ලෙස සංශෝධනය කරමින්,  'මල් බඳුන' ලාංජනය යටතේ ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී,  ජාතිය ගලවාගැනීමේ පෙරමුණේ ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සමග සියලු නිල ගනුදෙනු සිදුකරනු ලැබුවේ මැතිව් ප්‍රනාන්දුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා පිඨයේ ශිෂ්‍යයකුව සිටියදී දේශපාලන ශිෂ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයකුව සිටි මැතිව් එසේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට මැදිහත්වූයේ සිය අධ්‍යාපන කටයුතු ද පසෙකලමිනි.

94 මහ මැතිවරණයෙන් පසුව හම්බන්තොට පැවති ජවිපෙ දෙවන සම්මේලනයේදී ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරීපත්විය.

මැතිව් ප්‍රනාන්දුගේ දේහය මහනුවර ගන්නොරුව නිවසේ තැම්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසති.

මැතිව්ගේ හදිසි විරෝවෙන් පසු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන්වේ.


මැතිව් අය්යා යන්න ගිහින් ...

කවුද මේ මැතිව් ? සුන්දර විප්ලවීය භාවිතාවක්.. සුන්දර මිනිහෙක්.

පුංචි ඇගක් උනාට ලොකු හදවතක් .. රුසියානු විප්ලවවාදී සාහිත්‍ය යේ කියවපු කතාවක හිටපු අපි ඇත්තට දකින්න ආස විප්ලවාදියෙකු වුනා ඔහු අපිට ...ඒ කාලේ..

අපි කැම්පස් එකේදි කෝස් එක අත්හැරලා දේශපාලනය කරන එක හරිය කියල හිතනකොට අනාගතය දැකලා ඉගෙනීම එක්ක දේශපාලනය කරන හැටිත් කියාදුන්නා ...

රැඩිකල් භාවිතාව අපිලිවෙල ..අපිරිසිදු ඇදුම් ..සෙරෙප්පු දෙක වෙනුවට ..
පිලිවෙලට අදින .. කලාව සාහිත්‍ය .. ආදරය .. මේ ඔක්කොම එක්වුණු ජීවිතයක් විප්ලවාදී භාවිතය බව තමන්ගේ උදාහරණයෙන්ම අපිට උගන්වපු ගුරුවරයා ....

අපේ සංවිදායකයා..

" වේදිකාවේන් මහපොළොවට “ ජපුරේ අදටත් පවතින කලා වැඩේට නම දුන්න. .. මැතිව් අයියා ..

කොහෙන් හරි ඉක්මනින් ඇවිත් අපිට අමාරුම වෙලාවට ලගම හිටිය සටන් සගයා ...

හැම දේම වෙනස් විදියකින් දකින්නට ලස්සන ඇස් තිබුණු සුන්දර විප්ලවවාදියා ඉක්මනින් ගිහින් ..

මැතිව් අයියා මට නොමියෙන අමරනීය මතකයක් හැමදාම ..

මම හිතන්නෙ ඇසුරු කරපු බොහෝ දෙනෙකුට එහෙමයි ..


(සුනිල් හඳුන්නෙත්ති)

මැතිව් ප්‍රනාන්දු සහෝදරය! සැලියුට් !!!

1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම පත්තර විකුණන ඒ පත්තර ආයතනය තුළ පවතින මර්දනකාරී සහ පීඩාකාරී පසුබිම හෙළිදරව් කරන්න අපි ලංකාව පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කළා. කුමාරදාස ගිරිබාව සහෝදරයත්, තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයත් මමත් තමයි මූලිකව සහ අඛන්ඩව මේ වැඩේට කරගහමින් වැඩේ පිටිපස්සෙ හිටියෙ.

මෙම රැස්වීම් මාලාවේ මුඛ්‍ය දේශකයො වුණේ නව සම සමාජ පක්ෂයේ නියෝජිතයෙක්, ජවිපෙ ඒ මොහොතෙ ප්‍රකාශනය වූ ‘ජාතිය ගළවා ගැනීමේ පෙරමුණේ’ නියෝජිතයෙක් සහ ජවිපෙන් ගැළවී පසුව හිරු කණ්ඩායම 120411575 10223960453342281 7991366897099492655 nබවට පත්වූ දේශපාලන කණ්ඩායමේ නියෝජිතයෙක්. හිරු කණ්ඩායම වෙනුවෙන් රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා හෝ සිසිර යාපා සහෝදරයා සහභාගි වුණා. නසේ වෙනුවෙන් බොහෝ විට ආවේ එවක හරය පත්තරේ ප්‍රධාන සංස්කාරක වූ නයනානන්ද රත්නායක සහෝදරයා, රනත් කුමාරසිංහ සහෝදරයා හෝ ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා. ජාගපෙ නියෝජනය බොහෝවිට විමලසිරි ගම්ලත් සහෝදරයා විදිහට එදා හැඳින්වුණු විමල් වීරවංශ හෝ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා.

හදිසි හෘදයාබාධයක් නිසා මේ කියන මැතිව් ප්‍රනාන්දු සහෝදරයා හදිසියේ නික්ම ගිය පුවත දැක්කා.

ඔහු අතිශය සුන්දර බරපතල විප්ලවවාදී චරිතයක් විදිහට තමයි දැක ගන්නෙ සහ අඳුන ගන්නෙම. ඔහු අන්තිම ආකර්ශනීය මිනිහෙක්. අපේ නගරං භාෂාවෙන් කියනවා නම් ‘සුද්දෙක්’ වගේ. දුඹුරුපාට බලල් ඇස් වලින් බලලා ඉතාම සරල විදිහට හිනාවෙන විට ඕනෑම කෙනෙක් ඔහු වෙත බැඳෙනවා.

අපි ‘විබා’ ලෙස හඳුන්වපු ගම්ලත් සහෝදරයා නොහොත් විමල් තරමක ආඩම්බරකාර චරිතයක් වෙද්දි මැතිව් සහෝදරයා ඒකෙ හාත්පසින් ම අනිත් පැත්ත. අන්තිම නිරහංකාර, නිවුණු බරපතල විප්ලවාදියාගෙ මොඩල් එක. නමුත් වේදිකාව මත කතා කරන්න ගත්තම මැතිව් සහෝදරයා අතිශය ආකර්ෂනීය වේගවත් කතාවන් පැවැත්තුවා.

ඒ කාලෙ කියන්නෙ ජවිපෙ එළියට ඇවිත් ආරිය බුලේගොඩ සහෝදරයාගෙ පාගොඩ නුගේගොඩ ගෙදර අල්ලගෙන, ප්‍රගතිශීලී පෙරමුණ ‘ජගපෙ’ බවට පෙරලගෙන මල්බඳුනෙ දේශපාලනය කරපු අතිශය කාර්යබහුල අවදියක්. ඒ ක්‍රියාවලියෙ පක්ෂෙ නියෝජනය කරපු ප්‍රධාන ලේකම්වරයා වුණෙත් මැතිව් ප්‍රනාන්දු සහෝදරයා. අතිශය කාරයබහුල දේශපාලන ජීවිතයක් ගත කෙරුවත් අපි රැස්වීමක් පටන් ගන්න වෙලාවක් දාගෙන ඒක දැනුම දුන්නම, වෙලාවට කලින් ඔහු එතන.

ඒ විතරක් නෙමෙයි, අපි ඉස්සර විටින් විට සුප්‍රකට මහජන පුස්තකාලෙ සුප්‍රකට කැන්ටිමේ හමුවුණා. තමන්ගෙම පිළිවලකට ඇඳුම අඳින, කාඩාවැටෙන හිස කෙස්ස පවා වෙනම හැඩයක තිබුණු ඔහු මට හමුවුණු සදා මතකයේ රැඳුණු විප්ලවවාදී මොඩලයක්. ඔහුට උවමනා වුණා මාව ජවිපෙ ඇතුළෙ ස්ථානගත කරන්න. නමුත් ජවිපෙ සහ හිරු බෙදීම ඇතුළෙ මම හිටගත්තෙ භාෂණ සහෝදරයා ප්‍රමුඛ හිරු කණ්ඩායමත් එක්ක. ඒ හින්දා මට ආයෙ මැතිව් සහෝදරයාව ‘දේශපාලනිකව’ මුණගැසුණෙ නෑ.

මම මැතිව් සහෝදරයව අන්තිමට ඇස්දෙකට දැක්කෙ සහ වචනයක් කතා කෙරුවේ 2000 වසරේ අගෝස්තුවේදී. ඒ, චන්ද්‍රිකාණ්ඩවේ ‘සුමනවීර බණ්ඩා’ ඝාතක කල්ලිය විසින් ඝාතනය කෙරුණු චම්මික සුදන්ත සිල්වා සහෝදරයාගේ දේහය රැගත් කිරුළපන සිට බොරුල්ලට ඇදුණු උද්ගෝෂණ පෙරහැරේදි.

නමුත් ඔහු කෙතරම් මගේ මනසෙ රැඳිලා සිටියාද කිවහොත්, මගේ ‘දුස්ටකමේ සවුන්දර්ය’ කෙටි කතා පොතේ එන ‘විප්ලවීය කෙට්ටු අතක ස්පර්ෂය’ කියන කතාවෙ ඒ විප්ලවවාදී චරිතය මම නැගුවෙ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා ඔලුවෙ තියාගෙන. කතාවෙ එන චරිතයට අබමල් රොනකවත් සම්බන්දයක් මැතිව් සහෝදරයාගෙ නෑ. නමුත් මගේ හිත තුළ ඔහුට තිබුණු කැමැත්ත හින්දම, ඒ අමාරු වියමන, ඔහු ඉදිරියේ තියාගෙන ගොතන එක පහසු වුණා.

ඔහු පිළිබඳ මතකය පවා පිළිවලයි. ලස්සනයි.

මැතිව් ප්‍රනාන්දු සහෝදරය! සැලියුට් !!!

-මංජුල වෙඩිවර්ධන 2020 ඔක්තෝබර් 04

(බල්සාක් කැෆේ)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්