leader s

*1999 දී මන්දුවිල් කඩමණ්ඩියට එල්ල වූ කෆීර් ප්‍රහාරයෙන් පාසල් සිසුවියන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට; වසර 27කට පසු ඥාතීන්ගෙන් කඳුළු පිරි උපහාර


*චන්ද්‍රිකා පාලන සමයේ සිදුවූ ගුවන් ප්‍රහාරයේ මතකය අලුත් වෙද්දී, එදා 'තරාකී' සිවරාම් කළ හෙළිදරව්ව යළි කරළියට

විසි හත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දරු දැරියන් ඇතුළු දෙමළ වැසියන් සමූහයක් මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි අඟහරුවාදා පැවැති චාම් අනුස්මරණය සිදු කරන ලද්දේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.

අනුස්මරණය එක්ව සිටි ඥාතීන් අහිමි වී ගිය තම සමීපතමයන් සිහි කරමින් මලින්, පහනින්  ඔවුන්ට උපහාර දැක්වීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

001 1
15 සැප්තැම්බර් 1999

මන්දුවිල් වැසියන් ජනාකීර්ණ කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් ගණන 24 කි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්ථානයේදීම ගම් වැසියන් දස දෙනකු මරුමුවට පත්ව ඇති අතර තුවාල ලැබු සෙසු පිරිසෙන් දාහතර දෙනකු පසුව මිය ගොස් තිබේ.

මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.

මන්දුවිල් ගම් වැසියන් පවසන්නේ ප්‍රහාරයෙන් තවත් හතලිහකට අධික පිරිසක් තුවාල ලැබු බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙම ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි විසිනි.

2002 ජූලියේ විශ්‍රාම ගිය ඔහු චන්ද්‍රිකා-රනිල් පාලනය විසින් පකිස්තානයේ මහ කොමසාරිස් වශයෙන් පත්කර යවන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර  ධර්මරත්නම් සිවරාම්  ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඝාතනය කළ දිනයේම එම පුවත මියගියවුන්ගේ නම්ද සමගින් වාර්තාකර තිබු ආකාරය පහතින්.

Tamil Net 1

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්