leader s

*ඇල්ගොරිතම පාලනය නිසා ඩිජිටල් සේවා පනතේ මුක්තිය ලබාගත නොහැකි බව අධිකරණය තීන්දු කරයි.


*ව්‍යාජ දැන්වීම් ඉවත් කර වන්දි ගෙවන ලෙසත්, අදාළ ආදායම් හෙළි කරන ලෙසත් මෙටා වෙත නියෝග.

මෙටා සමාගමට එරෙහි ජර්මානු අධිකරණ තීන්දුව සහ ඩිජිටල් වගකීම

ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය වේදිකාවල තෙවන පාර්ශ්වයන් විසින් පළ කරන ලද ව්‍යාජ දැන්වීම් සම්බන්ධයෙන් ඇමරිකානු තාක්ෂණික දැවැන්තයකු වන මෙටා (Meta) සමාගම නීතිමය වශයෙන් වගකිව යුතු බව ජර්මානු අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබ ඇත. මෙම තීන්දුවත් සමඟ අදාළ නීති විරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීම මෙන්ම වන්දි ගෙවන ලෙස ද අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම නඩු කටයුත්ත ආරම්භ කරන ලද්දේ ජර්මනියේ ආයෝජන තොරතුරු සපයන වෙබ් අඩවියක (financial portal) මෙහෙයුම්කරු සහ එහි නිර්මාතෘවරයා විසිනි. ආයෝජන නිර්දේශ කරන මුවාවෙන් වංචනික අරමුණු සහිතව ඔවුන්ගේ වෙළඳ ලකුණු කළ ලාංඡනය (trademarked logo) සහ හිමිකරුගේ රූපය කිසිදු අවසරයකින් තොරව මෙම දැන්වීම් සඳහා යොදාගෙන තිබිණි. අදාළ මූල්‍ය ආයතනය විසින් 2024 අගෝස්තු මාසයේදී පමණක් මෙටා සමාගමට මෙවැනි උල්ලංඝනය කිරීම් 260 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කර තිබුණ ද, ඇතැම් අන්තර්ගතයන් ඉවත් කිරීමට මෙටා සමාගම දින 62ක් දක්වා කාලයක් ගෙන ඇති බව අධිකරණය පෙන්වා දී ඇත.  

ඇල්ගොරිතම පාලනය සහ නීතිමය ආරක්ෂාව අහිමි වීම

යුරෝපා සංගමයේ ඩිජිටල් සේවා පනතේ (Digital Services Act) සඳහන් වන "තොරතුරු නොමැතිකම" මත පදනම් වූ ආරක්ෂක විධිවිධානය (lack-of-knowledge defence) මත මෙටා සමාගමට මෙහිදී ගැලවී යා නොහැකි බව අධිකරණය දැඩි ලෙස ප්‍රකාශ කළේය. සාම්ප්‍රදායික කාලානුක්‍රමිකව (chronological) තොරතුරු පෙන්වන ක්‍රමවේද මෙන් නොව, මෙටා සමාගම තම ඇල්ගොරිතම සහ දැන්වීම් භාවිතයන් හරහා අන්තර්ගතය සක්‍රීයව පාලනය කරන බැවින් ඔවුන් මීට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වේ. මෙම තීරණය සඳහා යුරෝපා යුරෝපා අධිකරණයේ (European Court of Justice) මෑතකදී ලබා දී ඇති පූර්වාදර්ශී නඩු තීන්දුවක්ද පාදක කරගෙන ඇත.  

මෙම තීන්දුවට අනුව, ව්‍යාජ දැන්වීම් ඉවත් කිරීමට අමතරව එම දැන්වීම් මඟින් උත්පාදනය කරන ලද ආදායම සහ ඊට අදාළ විස්තර හෙළි කරන ලෙසද මෙටා සමාගමට නියෝග කර තිබේ. සැප්තැම්බර් 16 වැනි දිනට යෙදී ඇති මෙම අධිකරණ තීන්දුව තවමත් අවසානාත්මක නොවන අතර, සමාගමට අවශ්‍ය නම් එය අභියාචනයකට ඉදිරිපත් කළ හැකි බව අධිකරණය සඳහන් කර ඇත.

ජාත්‍යන්තර තාක්ෂණික අවකාශයට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට වන බලපෑම

මෙම සිදුවීමත් සමඟ ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය සමාගම් තම වේදිකාවල පල වන දැන්වීම් සහ මූල්‍ය වංචා පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටී. යුරෝපීය කලාපය තුළ මෙන්ම අනෙකුත් රටවල ද අන්තර්ජාල සමාගම්වල නීතිමය වගකීම තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර, මෙවැනි තීන්දු හරහා ඩිජිටල් අවකාශයේ පාරිභෝගික සුරක්ෂිතතාව සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයන් තවත් තීව්‍ර වනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා ප්‍රකාශිකයෙක් කියා සිටියේ, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවත්, ඉදිරි පියවරයන් කුමක්ද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බවත්ය. එසේම, ව්‍යාජ දැන්වීම් හඳුනාගැනීම සහ වාර්තා වූ අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා තමන් දැනටමත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍රය:

Reuters - German court rules Meta liable for fake ads on Instagram, Facebook  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්