leader s

ජේ.ආර්. සමරුවේදී එජාප-සජබ එකමුතුවට මුලපුරද්දී කරුණා සහ ප්‍රභාකරන් ගැන රනිල්ගෙන් විශේෂ අතීතාවර්ජනයක්; ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති බිඳවැටීම ගැන විපක්ෂයේ දැඩි ප්‍රහාරය.


එක්සත් ජාතීන්ගේ සමුළුව, ජිනීවා සැසිය සහ බ්‍රික්ස් අත්හැරීමෙන් ලංකාව හුදකලා වන ලකුණු: මල් පාරේ කාර්යාලය සහ ජී.එල්.ගේ හමුව සතියේ දේශපාලනය කලඹයි.



ජේ. ආර්.120 ජන්ම දින සමරුව මේ සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ විශේෂ අවධානයක් යොමු වූ අවස්ථාවක් විය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේත් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේත් ප්‍රධාන සැමරුම් දෙකක් පැවැත්විණි. එයින් වඩාත් අවධානයක් යොමු වූයේ ජාතික පුස්තකාලයේ පැවති සමරුවටයි. ඒ රනිල්- සජිත් දෙන්නාම ඒ සමරුවට සහභාගී වූ හෙයිනි. ඒ සමරුව සංවිධාන කළේ බුද්ධික පතිරණ සභාපතිත්වය දරන මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයයි.

එය අමුතු ආකාරයේ ආකර්ෂණීය සැමරුමක් විය. විශේෂත්වය වූයේ සංවාද මණ්ඩපයක් ලෙසින් එම සමරුව සංවිධාන කර තිබීමයි. රනිල් සජිත් මෙන්ම එජාප සජබ ප්‍රධාන නායකයෝ ඊට සහභාගී වූහ. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති ජේ.ආර් සමරුවේ දෙසුම් පැවැත්වූයේ නව පරපුරේ තරුණ තරුණියන්ය.ඔවුන් දුටු ජේ. ආර් දැක්ම ගැන එහිදී අදහස් පළ කෙරිණි.

 


එජාපය නව පරපුරට විවෘත කරන ප්‍රතිසංවිධාන පත්‍රිකා තුන

එක්සත් ජාතික පක්ෂය නව පරපුරේ පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධාන කරන බව නායක රනිල් එජාප අසූ වැනි සංවත්සරයේදී පැවසීය. දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය දක්වාම මෙම ප්‍රතිසංවිධාන වැඩ කිරීමට නියමිතය. ඒ අනුව සිකුරාදා රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සංවාද පත්‍රිකා තුනක් ඉදිරිපත් කෙරිණි.

පක්ෂය නව පරපුරට විවෘත කිරීමේ අලුත් වැඩසටහනක් එහිදී සඳහන් කෙරිණි. ඒ පත්‍රිකා තුනේ අඩංගු කරුණු ඉදිරියේදී සංවාදයට විවෘත කර ඒ අනුව වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය.

එමෙන්ම ජේ.ආර් ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන ආකාරය පිළිබඳවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශේෂ කතා බහකට ලක් විය. මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වුණේ ද විශේෂ ජේ.ආර් සමරුවක් ලෙසිනි.

එජාප- සජබ සාකච්ඡා පිළිබඳවත් රනිල් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයක් කළේය.

 

WhatsApp Image 2026 09 18 at 08.02.29
" එජාප- සජබ අතර සාකච්ඡා බිම් මට්ටමේ සිට ජාතික මට්ටමට ගමන් කරමින් සිටිනවා. අප ඉදිරි ගමනක් සඳහා වැඩකරමින් සිටිනවා. එහි එක් පිරියවරක් ලෙස සජිත් සමඟ ජේ.ආර් සමරුවටත් මා සහභාගී වුණා. අපි සමගි ජන බලවේගය සමග වැඩ කරන එකෙන් ඈත් වෙන්නේ නැහැ" යනුවෙන් නායක රනිල් කීය.

''කැඩුවෙ මම - ගත්තේ එයා'' : කරුණා ගැන රනිල් කී අතීත කතාව

පොහොට්ටු අනුරාධපුර රැස්වීමේදී අර්චුනා කී කතාවක් ගැන දේශපාලන කණ්ඩායම් හමුවේදී මන්ත්‍රීවරුන් රනිල්ගේ අවධානයට යොමු කළේය.

" මම කොටියෙක් කියල පොහොට්ටු රැස්වීමෙදි අර්චුනා ප්‍රසිද්ධියේ කිව්වා" හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න එහිදී සිදුවූ කාරණය රනිල් හමුවේ පැහැදිලි කළේය.

"ඔය සිද්ධියට ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම ත්‍රස්තවාදීන් ගත්තේ ප්‍රේමදාස. ඒ  ඩග්ලස් . ඊට පස්සේ කොටියා ගත්තේ  චන්ද්‍රිකා, මහින්ද ඒක ඉස්සරහට ගෙනිච්චා.

 



රනිල් අතීත විස්තරයක් මතක් කළේය.

කරුණා හීලෑ වුණේ ඔබතුමාගේ කාලේ නේදැයි දිනිත් චින්තක ඇසූ පැනයට පිළිතුරු දෙමින් රනිල් කීවේ " කැඩුවෙ මම ගත්තේ එයා" යනුවෙනි.

" ජේ ආර් , මේගොල්ලෝ ඉන්දු ලංකා ගිවිසුමට හිර කළා. මම ඒක කැඩුවා. ඇත්තෙන්ම ගත්තොත් ජේ.ආර් හිර කළා. ප්‍රේමදාස ත්‍රස්තවාදියා ගත්තා. මම එල්ටීටීය දෙකට කැඩුවා. චන්ද්‍රිකා කරුණාව ගත්තා. මහින්ද ඒ ඔක්කොම යෙදෙව්වා එල්ටීටීඊ එකට ගහන්න.

මේ සටන් යද්දි ජේ.වී.පී එක එල්ටීටීඊ එකත් එක්ක එකතු වෙලා සංඝයා වහන්සේලා රණවිරුවන් ඔක්කොම මැරුවා" රනිල් තවදුරටත් සිද්ධිය විස්තර කළේය. ඒ කාලේ ආණ්ඩුවේ උදවිය මොකක්ද කළේ. ජේ.ආර් මරනු කියල බෝඩ් එල්ල ගෙන හිටියා. එච්චරයි" වජිර කීවේය.

රාජ්‍ය නායකයා නොයන එක්සත් ජාතීන්ගේ සමුළුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා මෙවර රාජ්‍ය නායකයා ලෙස අනුර සහභාගී නොවන බව වාර්තා වෙයි. මෙවර ලංකාව නියෝජනය කරමින් එහි යන්නේ විදේශ ඇමති විජිතයි. මේ සම්බන්ධයෙන් මන්ත්‍රී මණ්ඩලයේ කතා බහට ලක්වූ විට මාන්නප්පෙරුම කීවේ " මං හිතන්නේ ලෝකෙ අනිත් රාජ්‍ය නායකයන්ට සිංහල ඉගෙන ගන්න බැරි වෙලා ඇති" කියාය. ඒ කතාවට රනිල් ඉවත බලාගෙන සිනාසුනා මිස කිසිවක් නැත.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මෙවරද ජී. එල් ගේ නිවසේදී රැස්වූහ.

ජිනීවා පීඩනය සහ විදේශ ප්‍රතිපත්තියේ බිඳවැටීම

මානව හිමිකම් කවුන්සිලයේ 63 වෙනි සැසිවාරය මේ වන විට පැවැත්වෙනවා. ලංකාව පිළිබඳ බොහෝ තදබල විවේචන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමාගේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. දරුණු ඒවා. යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පමණක් නෙමෙයි. ඒ සැසියට විදේශ ඇමති ගියේ නෑ. ඒක මෙහෙයවූයේ  අපේ නිත්‍ය නියෝජිත. මේ විදිහට රටට ලොකු ප්‍රෙෂර් එකක් දැමීම වැරදි බවත් මේක නවත්තන ලෙසත් ඔහු කිව්වා. නවත්වනවා නෙමෙයි ඒ අය ප්‍රෙෂර්  එක වැඩි කළා.

මොකද ශ්‍රී ලංකාව කිසිම ප්‍රතිපත්තියක් නැතුව පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්නේ නැහැ .ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එක උදාහරණයක්. ඒක අහෝසි කරනවා කියා පොරොන්දු වුණා. නමුත් ඒක කළේ නෑ.

අලුත් පනත ගෙනෙනතුරු වත්මන් පනත අත්හිටුවා ඒක යටතේ අත්අඩංගුවට ගත් සියලු පුද්ගලයන් නිදහස් කරන ලෙස මානව හිමිකම් කොමිසම කියනවා. 79 පනත වෙනස් කළ යුතු බව ලංකාව පිළිගත්තා. නමුත් ආණ්ඩුව ඒක කළේ නෑ. 2025 දෙසැම්බරයේ ආණ්ඩුව පනතක් ප්‍රකාශයට පත් කළා. ඒක තිබිච්ච එකටත් වඩා භයානක පනතක්. හැම තැනින්ම විවේචන ආවාම ඒක ඉල්ලා අස්කර ගත්තා. අලුත් පනතක් ගේනවා කිව්වා. ගිය මාසෙ කැබිනට් මණ්ඩලයේ පනතක් අනුමත කළා කිව්වත් අපි කවුරුත් දන්නෙ නෑ.කිසිම විනිවිද භාවයක් නෑ.

මාර්ගගත ආරක්ෂක පනත අහෝසි කරනවා කිව්වා.නමුත් ඒක කළේ නෑ. මානව හිමිකම් කොමසාරිස්ගෙ පත්වීම වසර තුනකට දීර්ඝ කිරීමට නිව්යෝර්ක්  මහා සභාවේ යෝජනාවක් ගෙනාවා. රටවල් 144 ක සහයෝගය එතුමාට තිබුණා. ඊට විරුද්ධව ඡන්දය දුන්නේ රටවල් දහයයි. රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ලංකාව ඒ 14න් එකක්. එහෙම කළේ ඇයි? ලංකාවට ආරාධනා කරලා චෙම්මනි මිනී වළවල් පෙන්නලා ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් ඒ අය තරහා කර ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස එතුමාගේ වාර්තාවේ බොහොම දරුණු විවේචන ඉදිරිපත් කර තිබෙනවා.

 

IMG 20250625 WA0190
සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කරනවා කිව්වා.අද වනතුරු කිසිම දෙයක් නෑ.

මේකෙන් පේන්නේ ලංකාවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැති බවයි. රටට අත්විඳීමට සිදුවී ඇත්තේ ඒ දුර්වලතාවය.

බ්‍රික්ස් අවස්ථාව මඟහැරීම සහ නව සංවර්ධන බැංකුවේ අලාභය

ඒ වගේම ගිය සතියේ ඉන්දියාවේ බ්‍රික්ස් සංවිධානය තිබුණා.ඒකට ගියේ නෑ.රනිල් පූටින්ට කතා කරලා අපේ රටට නිල ආරාධනාවක් ලබා ගෙන තිබුණා. නමුත් කිසිම කෙනෙක් ගියේ නෑ.

අප්‍රිකාවේ උගන්ඩා හා නයිජීරියා, ආසියාවේ වියට්නාම් මැලේසියා හා තායිලන්තය, ඒ වගේම කසකස්ථාන්, කියුබාව,බොලීවියාව ආදී හැම රටක්ම හවුල්කාර පාර්ශ්වකරුවන් ලෙස මීට ඇතුල් වී සිටිනවා. ලංකාව කිසිම දේකට නෑ.

බ්‍රික්ස් එක නව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරන්න යනවා. අපට ආධාර ලබාගන්න එක ආයතනයක් නොව ආයතන කිහිපයක් තිබිය යුතුයි. මේ අය පිහිටුවන්න හදන බැංකුව- ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේම විශාල බැංකුවක්.අපේ සංවර්ධන කටයුතු සඳහා එයින් මහා පරිමාණ ආධාර ලබාගන්න පුළුවන්. හැබැයි කිසිම උනන්දුවක් උද්යෝගයක් නැති නිසා ඒ අගනා අවස්ථා අපේ රටට නැතිවී තිබෙනවා.

brics2026 g

 

එන වසරේ අයිඑම්එෆ් ගිවිසුම යාවත්කාලීන නොකරනවා නම් මේ ආධාර අපට අත්‍යවශ්‍යයි. අපට අවශ්‍යම දේ ගැන සැහැල්ලුවෙන් සැලකීම ලොකු අඩුපාඩුවක්" ජී.එල් එම හමුවේදී දීර්ඝ විස්තරයක් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය 22ට විරුද්ධව පියවර ගැනීම සඳහා සියලු පක්ෂ වලටට ආරාධනා කර තිබිණි. ඒ වෙනුවෙන් ඔවුන් සංදේශයක්ද අත්සන් කිරීමට සූදානම් කර තිබේ. ඒ සඳහා වන සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා ජානකී හෝටලයේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ තීරණය අනුව එම රැස්වීමටද සහභාගී විය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්