leader s

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල බලරහිත කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලෙයි  


ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු තහවුරු කිරීමෙන් පසු දින නියම වේ  


අධිකරණයට අපහාස කළේ යැයි දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තමන්ට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළේය.  

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය නිවේදනය කෙරිණි.  

පෙත්සමට පාදක වූ පසුබිම  

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහයක් අතරතුර සහ ඊට සමගාමීව සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ කරුණු වාර්තා කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පියවර ගෙන තිබිණි.  

එහිදී රූපවාහිනී සාකච්ඡාවකදී පළ කළ අදහස් කිහිපයක් පදනම් කරගනිමින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය නීතියට පටහැනි බවත්, ඒ ඔස්සේ අභියාචනාධිකරණයට යොමු කර ඇති පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා දිලිත් ජයවීර විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.  

නීතිඥ මණ්ඩලයේ තර්ක  

අදාළ පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී දිලිත් ජයවීර  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ කොටස් කිහිපයක් පමණක් උපුටා දක්වමින් අසම්පූර්ණ තොරතුරු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති බවයි.  

එම සම්මුඛ සාකච්ඡාව තුළදී සිය සේවාදායකයා විමර්ශන ආයතනවල ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වූවා මිස අධිකරණයට අපහාස කිරීමේ හෝ අවමානයක් කිරීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවත්, සම්පූර්ණ ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී එය පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී තිබිණි.  

අධිකරණ තීන්දුව 30 වැනිදා  


ඒ අනුව අද දින ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න ඇතුළු ඊට අදාළ නියෝගය සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.   

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්