leader s

මේ අරගල සැමරුම් අතරෙ කවුරුවත් නොකියන කතාවක් තමයි මේ අරගලේ ප්‍රබලතම ප්‍රකාශනය වුනේ ජංගිය කියන එක. අරගලෙන් අන්තිමට ඉතුරු වුනේ ජංගිය විතරයි. අනිත් හැමදේම ආපහු ඇගිල්ලෙන් ඇනලා මතක්

කරලා දෙන්න වෙනවා.

එහෙම කල්පනා කරලා නොකළත් අරගලේ ඇතුලෙ හැමෝම උත්සාහ කලේ අනිත් උන්ට තමන්ගේ ජංගිය අන්දන්න. ඒක සමාජවාදී අරගලයක් කරන්න. තව වෙලාවක මාලිමාවාදී අරගලයක් කරන්න. අනිත් ජංගි අන්දන අයට ඇතුල්වෙන්න නොදී පරම ජංගි ඇන්දවීමේ අයිතිය තමන් ගන්න පොරකෑවා.

ජෙහාන් ජංගියක් ඇදගෙන කුරුසයක් කරේ තියං ආවා. පොලු අරං ගහන්න ආපු පොහොට්ටු මැරයො ජංගි පිටිං දිව්වා. මං ගිහින් ජංගිය ගලවලා පාර්ලිමේන්තු වැටේ වැනුවා. රටේ කොල්ලො ජංගි පිටින් ජනාධිපති මන්දිරවල ආතල් දැම්මා.

තමන් මේ රට වෙනස් කිරීමට උපන් සුවිශේෂ පරපුරක් කියල මාස තුනේ ගෝල්ෆේස් ඩිප්ලෝමාව කරපු ගොඩක් පොඩි උන් ජංගියක් මහගෙන තොගේට ඇන්දා.

එක එකා ගෝල්ෆේස් එක වටේ ජංගි ඇන්දීම් සහ ගැලවීම් කරගෙන යන අතරෙ රනිල් ජනාධිපති වුනා. අරගලේ ජංගිය විතරක් නෙමෙයි පොහොට්ටුවෙ ජංගියත් ගැලවුනේ ඒකෙන්.

ඊට පස්සෙ චාපාබන්ඩාර වගේ අය අරගලේට කියන්නෙ ජංගි අරගලය කියල. අරගලකාරයො තාමත් මං වනලා ආපු ජංගිය හොයනවා. හැමෝටම ඉහලින් තාම ජංගිය එල්ලිලා වැනි වැනී තියෙනවා ?

Chinthana D

 

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්