leader s

හැත්තෑ ගනන් වල ඒ කියන්නේ සිරිමගේ කාලේ තිබ්බ ''ගන්ටාර මාක්'' සරම් ගැන ලොකු දේශපාලනය විවේචනයක් තිබ්බ. ගන්ටාර මාක් කියන්නේ සරම අස්සෙන් ශරීරය විනිවිද පේන්න තරම් රෙද්ද තුනී නිසා.

ඒ නිසා සරම ඇන්ද ඕනි කෙනෙක්ගේ සීම්භ්‍රාන් කුට්ටිය රෙද්ද අස්සෙන් පේන නිසා.

ඉතින් මේක රෙද්දේ ගුණාත්මක කම එක්ක ආපු ආර්ථික දේශපාලන විවේචනයක් උනත් ඒක අස්සේ තිබ්බේ සංස්කෘතික ප්‍රශ්නයක්.

 හරියට විළි වැහෙන්න රෙද්දක්වත් මේ ආණ්ඩුවට දෙන්න බැහැ කියල තමයි ඒ වෙලාවේ සිරිමගේ ආණ්ඩුවට ගැහුවේ. දේශපාලනික වශයෙන් ඒක නැගල ගියා. ආණ්ඩුව හේදිලා ගියා.

ඉන් අවුරුදු තිහකට විතර පස්සේ යුරෝපයේ කපල් එකක් සැරිසරනවා එහේ මාධ්‍යකාරයින්ට පේන්න ගන්නවා. නිකම් කපල් එකක් නෙවෙයි ලෝකයේ ධනවත්ම ගායකයෙක් සම්බන්ද වෙන කපල් එකක්. ඒ තමයි කෙන්යේ වෙස්ට් සහ ඔහුගේ අලුත් ම බිරිඳ වන බියන්කා සෙන්සෝරි කියන යුවල. මේ යුවල විසින් මේ වෙනකොට යුරෝපයේ ටැබ්ලොයිඩ් වල ප්‍රධාන මාතෘකා හදනවා.


කෙන්යේගේ අලුත් බිරිඳ ඒ මාධ්‍ය වලට අනුව ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරන්නේ සම්පුර්ණයෙන් වගේ නිර්වස්ත්‍රයෙන් (almost naked) කියන එක තමයි ඒ පත්තරවල යෙදුම. ඒ අස්සේ උන් කොටුත් දාල තවත් වැඩේ නංගල ගන්නවා.

හදවතින් තවමත් වික්ටෝරියන් යුරෝපයේ මේවා උණු කැවුම් වගේ විකිණෙනවා.

කෙන්යේගේ කලින් බිරිඳ කිම් වගේම පෙනුමක් තියන කෙනෙක් තමයි බියන්කා. ඒ නිසා කෙන්යේගේ රෝග ලක්ෂණය කියන්නත් පුළුවන් තමයි.

හැබැයි කිම් උනත් මේ මට්ටමට ක්ෂේත්‍රයට ගේන්නේ කෙන්යේ. ඊට කලින් සම්බන්දතා ඇතුලේ පවා කෙන්යේගේ ඇඟේ එල්ලිලා තමයි ඇලෙක්සිස් ෆයිපර්, ඇම්බර් රෝස්, ජුලියා ෆොක්ස් වගේ අයත් ජනප්‍රිය උණේ. ඒ ඒ අයට දක්ෂකම් තිබ්බ උනත් හිට් වෙන්න ගන්නේ කෙන්යේ එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහිල්ලා.

දැන් බියන්කා ගැන උනත් යුරෝපයේ කතා වෙන්නේ කෙන්යේ එක්ක එහෙ මෙහෙ යන එන එක විතරක් නෙවෙයි ගන්ටාර මාක් එකෙන් පාරේ යන හින්ද. බය නැතුව. අපේ අයට අනුව නම් ලෝකෙට බම්බු ගහගන්න කියල. අනික් උන්ට ඉරිසියා හිතෙන්නත් එක්ක.

අපි එහෙම කළේ දුප්පත් කම නිසා. කෙන්යේලට සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා.

අපරාදේ අපිටත් අර ගන්ටාර මාක් සරම් එහෙමම තියාගන්න තිබ්බේ.

මෙයාල දැන් මේවා අත්හදා බලන්නේ අවුරුදු තිහකටත් පස්සේ ...


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්