leader s

 වෙසක් පෝය දවසේ උදෙන්ම කිංබානට්තුමා නැගිට්ටා.
අද මං දහමට සම්බන්ධ දෙයක් ලියන්න ඕන කියලා කිංබානට්තුමා හිතුවා.
 
එහෙම හිතලා එතුමා ගියේ ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තට.
 
2023 වර්ල්ඩ් කප් එකට ගහන ශ්‍රී ලංකා ටීම් එකේ  ලිස්ට් එක නාමල් ඇමැතිතුමා ගේ මේසේ උඩ.
 
කිංබානට්තුමා ඒ ලිස්ට් එක අරන් බැලුවා.
 
" ජියෑං පෙරේරා කැප්ටන් ..
 
ෆූ ජයසූරිය වයිස් කැප්ටන් ...
 
යූ ගුණතිලක විකට් කීපර්....
 
හොං මැතිව්ස් ඕල් රවුන්ඩර්...
 
ජිංගු දික්වැල්ල බැට්ස්මන්...
 
 
  සාහුයි මුරලිදරන් ස්පිනර්...
 
  සෙන් උදාන ඕල් රවුන්ඩර්...
 
ලික්‍යුං සිල්වා මීඩියම් පේස්...
 
ෂංයුවාන් චමීර මීඩියම් පේස්....
 
ෆං ආර්නෝල්ඩ් බැට්ස්මන්...."
 
 
මුළු ටීම් එකේම තිබුනේ චීන්නුන් ගේ නම්.
කිංබානට්තුමාව ෆුල් අවුල්.
 
"  ඔක්කොම චීන්නුනෙ...කෝ බං මේකේ ලංකාවේ එකෙක්වත් ගහන්නේ නැද්ද ...?"
කිංබානට්තුමා අබ්ලික් වෙලා ගිහින් ඇහුවා. 
 
" කවුරු නැතත් ලංකාවේ එකෙක් ගහනවා ශ්‍රී ලංකා ටීම් එකට ..."
නාමල් ඇමැතිතුමා කිව්වා. 
 
" ඒ කවුද ..? "
 
" කුසල් මෙන්ඩිස්...!"
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන් )
 
 

THE LEADER TV 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්