leader s

 කිංබානට්තුමා වෙසක් බැති ගී අහන්න වරාය පැත්තට ගියා.
වරායේ සේවකයෝ එක්ස්ප්‍රස් පර්ල් නැවේ පාවෙන ප්ලාස්ටික් මළු උඩ ඉඳන් බක්ති ගී කියනවා.
 
මෙන්න මෙහෙමයි බක්ති ගීත පටන් ගත්තේ.
 
" නොකියාම එදා වෙසක් මහේ සඳ ඇති පායා
රත්තරන් ගියා නැවේ ගින්න නිවන්නම් කියා..
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙයි ගින්න පැතිරුණේ 
රත්තරන් පුතා ගිනි නිවන්න උපදෙස් දෙන්නේ ..
 
සට සට  ගා..
සට සට  ගා කෙමිකල් ටික පුපුරා යන්නේ 
‍රත්තරන් පුතා මයික් එකෙනි ඕඩර්ස් දෙන්නේ ..
 
මගෙ වැඩ ගැන පොටෝ අරන් අප්ලෝඩ් කරලා
හෙට උදේම දාපිය ෆේස්බුක් වනසාලා...
රත්තරනගේ ගොං පාට් සැම වතුරේ ගිලුනා 
නැවේ ගින්න ‍යලි ඇවිලී කෙළවෙලා ගියා..
ගැලවි ගියා...
 
ගැලවි ගියා රත්තරන් ගෙ කලිසම් කකුල 
කෙමිකල් මළු පාවි ගියා වෙරල පැත්තට ...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන් බුන් අතරේ
රත්තරන් ගේ කලිසම නැත තාමත් දුටුවේ ... "
 
 
බක්ති ගීත ඉවර වුණාට පස්සේ කිංබානට්තුමා වරාය සේවකයෙකුට කිට්ටු කළා.
 
" මොකෝ මචං වුණේ...."
 
" රත්තරන් ලොක්කා තාම හිතන් ඉන්නේ ඩොලර් ගේන්නේ නැව්වලින් කියලයි..."
වරායේ පොර කිව්වා. 
 
" ඉතිං...? "
කිංබානට්තුමා  හිමීට ඇහුවා. 
 
"අපේ ඩොලර් සංචිතවලට කෙළම වෙලා බංග්ලාදේශයෙනුත් හිඟන  වෙලාවකනෙ මේ අපි ඉන්නේ ..."
 
" ඔව්..."
 
" ඉතිං අපේ රත්තරන් හිතුවා එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් ටික බා ගත්තොත් රට ගොඩ කියලා ...ඒකයි අපි නැව ඇතුළට ගෙනාවේ .."
 
" ඉතිං බං උඹලා කිව්වේ නැද්ද ඔය මළුවල තියෙන්නේ ඩොලර් නෙවෙයි ප්ලාස්ටික් කැට කියලා ..."
කිංබානට්තුමාව තද වෙලා.
 
" කිව්වා බං...ඒ වුණාට මූ හිතං ඉන්නේ ඒ මළුවල ප්ලාස්ටික් කැට තියෙනවා කියලා ප්‍රචාරය කරන්න ඇත්තේ ඩොලර් මළු මුහුදු කොල්ලකාරයින් ගෙන් බේරගන්නලු..."
 
" අයියෝ සංසාරේ...! "
කිංබානට්තුමා ඔලුවේ අත ගහගත්තා.
 
" රත්තරන්ට බැනලා වැඩක් නෑ මචං ..."
අන්තිමට වරායේ පොර කිව්වා. 
 
" එහෙනං කාටද බනින්න ඕන ...? "
 
" මෙහෙම එකෙක් පත් කරලා එවපු කළුතර දිස්ත්‍රික්කයේ මී හරක් සෙට් එකට ...! "
එහෙම කියලා පොර ආපහු බක්ති ගී කියන්න ප්ලාස්ටික් මල්ලක් උඩ හිට ගත්තා.
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්  )
THE LEADER TV 
 
 
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා 
 

 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්