ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙකු වන ආනන්ද ෆොන්සේකා,
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ පියාණන් වේ.
 
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු , නිෂ්පාදකවරයෙකු සහ රංගන ශිල්පියෙකු වූ ආනන්ද ෆොන්සේකා මාළිගාවත්ත වකුගඩු රෝහලේදී ඊයේ (16) අභාවප්‍රාප්තවිය.

කලක සිට වකුගඩු රෝගයට ප්‍රථිකාර ලබමින් සිටි ආනන්ද ෆොන්සේකා මියදෙනවිට 70 හැවිරිදි වියේ පසු විය.

ආනන්ද ෆොන්සේකා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18 වන ඉරුදින කොළඹ බොරැල්ලේ කනත්තේදී සිදු කිරීමට නියමිතය. 

ඔහුගේ දේහය මේ වනවිට කැළණිය වෙදමුල්ලේ, ධර්මාලෝක මාවතේ, 52 A යන නිවසේ තැන්පත් කොට තිබේ.

18 ව ඉරිදා ආගමික වතාවත් දහවල් 2.00ට පවත්වා දේහය පස්වරු තුනට නිවසින් බොරැල්ල කනත්ත වෙත රැගෙන ඒමට නියමිතය.
 

121644797 2734622423460385 4371995246590937497 o                                  ජායා -Ravindra Puspakumara

මාලිනී ෆොන්සේකා ගේ පවුලෙන් සිනමාවට අවතීර්ණ වූ පළමු සහෝදරයා වන්නේ ආනන්ද ෆොන්සේකාය. ඒ රංගන ශිල්පියෙක් ලෙසින්ය. 

ආනන්ද, තිලක හා තිලකා චිත්‍රපටයේත් එයාදැන් ලොකු ළමයෙක්, ටිකිරා, අනුපමා, වසන්තයේ දවසක්, බට්ටි, අහිංසා ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක විය.

 අනතුරුව ඔහු සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස චිත්‍රපට 15ක පමණ කටයුතු කර තිබේ. ඒ අතර සංගීතා, හරියනකොට ඔහොම තමයි, රජ දවසක් වැනි චිත්‍රපටද වේ.

ආනන්ද වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ නිශ්චල ජායාරූප ශිල්පියෙකු ලෙසය. ඔහු වෘත්තීය ලෙස තෝරාගෙන තිබුනේ කැමරාවයි. 

ඒ සියළු කටයුතු අතර ඔහු උමයංගනා චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරමින්  චිත්‍රපට අධ්‍යක්‍ෂණයට ප්‍රවිෂ්ට විය. 

එම චිත්‍රපටයෙන් පසු ඔහු කෙම්මුර නමින් වෘතාතන්ත ටෙලි නාට්‍යක් අධ්‍යක්‍ෂණය කර එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානයට ද හිමිකම් කීවාය.

ගොළු කපුටා නමින් වේදිකා නාට්‍යක් ද ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලදී. ananda 2 large

1950 පෙබරවාරි 22 ෆොන්සේකා පවුලට උපන් ඔහු එම පවුලේ පස්වැන්නා විය. 

ආනන්ද ට දරුවන් තිදෙනෙකි. රංගනවේදිනී සමනළී ෆොන්සේකා, සුරංග ෆොන්සේකා සහ අසංග ෆොන්සේකාය. 

රූකඩ පැංචි නවතම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රගපානු ලබන කුෂන්‍යා ආනන්දගේ මිණිපිරියයි.


(mirrorarts.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්