leader s

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර උපකාර කළ පුද්ගලයින්ට එරෙහිව

නීතිය ක්‍රියාත්මක කළහොත් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අනිවාර්යයෙන් ම සිදුවනු ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර උපකාර කළ කවරෙකුට වුවද ඒ සම්බන්ධයෙන් වන 209 වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කර ඇති ප්‍රකාශය, උදය ගම්මන්පිලට අදාල නොවන්නේ දැයි theleader.lk කළ විමසීමක දී ඔහු එබව කියා සිටියේය.

ඊයේ (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය ආණ්ඩුව සමයේ, මේ ලෙසම, අත් අඩංගුවට ගැනීමේ නියෝග ලබා සිටි මදුමාධව අරවින්ද, දින 35 ක් සගවා තබා ගැනීමට තමන්ට හැකි වූ බවයි.

රිෂාඩ් බදියුදීන්ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් ම සහයක් ලැබෙනවා ද යන්න සැක සහිත බවද අමාත්‍යවරයා එහිදී CID යට කෝචෝක් කරමින් පවසා සිටියේ ය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්