‘මම තවත් එක දේශපාලනඥයෙක් වෙමි; මා හට අදාළ බලය පමණි, වැඩ අදාළ නැත, පහසුව මිස කාර්යක්ෂමභාවය මට වුවමනා නැත.’ 
 
 ඔහුගේ ධූර කාලය තුල 30 කට එහා ඇමති මණ්ඩලයක් පත් කළහොත් එය ගෝඨාභය රාජපක්ෂ තමන්ටම කරගන්නා බරපතල හානියක් වනු ඇත.
 
යහපාලන ව්‍යාපෘතියේ කසකරුවෝ ඒ දවස්වල උදම් ඇනුවේ කැබිනට් මණ්ඩලය සීමා කිරීම ගැනයි. 
 
යහපාලන ඔස්තාර්ලා හිතා මතා ‘ජාතික ආණ්ඩුව’ නිර්වචනය නොකිරීමෙන් ඒ සීමා කිරීම පුස්සක් සහ රැවටීමක් බව පැහැදිලි වූ විට මේ අය නිහඬ විය.
 
20වැනි සංශෝධනයේ මේ කාරණය පැහැදිලි කර ඇත. සීමාවක් නැත. 
 
මෙය සාධනීය වෙනසක් ද නිෂේධනාත්මක වෙනසක් ද. දෙකම නොවේ. 
 
මෙම කාරණයේදී 19 දුර්වලයි. 20ත් දුර්වලයි. ප්‍රතිඵලය එකමයි
 
20 වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රී පිරිසක් සහාය දක්වන ලදී. 
 
අතීතයේ එවන් සහයෝගය් යනු ඇමති ධූරයක පෙර නිමිත්තකි. 
 
සීමාවක් නොවන ‘සීමාව’ 20න් ඉවත් කිරීමෙන් මෙවන් අනාවැකි වලට අවසර ලැබින.
 
ගෝඨාභය රාජපක්ෂ ජනපති වූ පසු 19යට අනුකූලව 30ක ඇමති මණ්ඩලයක් පත් කිරීමට ඔහුට අවසර තිබිණ. 
 
ඔහු එසේ කළේ නැත. 
 
අගෝස්තු මහා මැතිවරණයෙන් අනතුරුව ප්‍රබල බහුතරයක් ඔහුගේ පක්ෂයට හිමි විය. 
 
අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ‘ජාතික ආණ්ඩුවක්’ සෑදුවේ යැයි පවසා (ජයම්පති වික්‍රමරත්න න්‍යායට අනුව) 30කට අධික ඇමති මණ්ඩලයක් පත් කිරීමටද ඔහුට අවසර තිබිණ. 
 
එසේ කළේ නැත.  
 
විශාල ඇමති මණ්ඩලයක් බලාපොරොත්තු විය යුතුද? 
 
ඔව්. මන්ද බල දේශපාලනයේ යථාර්ථයයි. 
 
විශේෂයෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය තුල එවැනි දේ සාමාන්‍ය වීමයි.
 
ඒ කෙසේ වෙතත් ඔහුගේ ධූර කාලය තුල 30 කට එහා ඇමති මණ්ඩලයක් පත් කළහොත් එය ගෝඨාභය රාජපක්ෂ තමන්ටම කරගන්නා බරපතල හානියක් වනු ඇත. 
 
ඉන් කියවන්නේ මෙයයි: 
 
‘මම තවත් එක දේශපාලනඥයෙක් වෙමි; මා හට අදාළ බලය පමණි, වැඩ අදාළ නැත, පහසුව මිස කාර්යක්ෂමභාවය මට වුවමනා නැත.’
 
 (gammiris.lk - ගම්මිරිස්සාරය Published On: October 26, 2020)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්