leader s

සමාජ මාධ්‍ය භාවිතය නිසා පුරවැසියන්ගේ තොරතුරු ලබාගෙන එම තොරතුරු
පෞද්ගලික ජීවිතයේ කරුනු විමර්ශනවලට හා රාජ්‍ය මර්දනය සඳහා යොදාවාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශවලින් සනාථ වී තිබේ.
 
බස්නාහිර පළාතේ ඇඳරි නීතිය පැනවූ අවස්ථාවේ දීර්ඝ සති අන්තය සඳහා නිවාඩු ගිය පුද්ගලයන් හා පවුල් නිරෝධායනයට ලක් කිරීමට සමාජ මාධ්‍ය හරහා තොරතුරු රැස්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශකර තිබේ.
 
ඔහු, සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ පුද්ගල තොරතුරු රාජය මර්දනයේ අවශ්‍යථා වෙනුවෙන් යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පවසා ඇති ආකාරය මෙසේය.
 
“ෆේස්බුක් එකේ ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැන්නා‘ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. “
 
''මේ වනවිට එක්සත් ජනපදයේ මෙන්ම චීනයේ සමාජ මාධ්‍ය භාවිත කරනවුන් රාජ්‍ය ඔත්තු කාර්යාංශ හරහා ආවේක්ෂණයට ලක්වන බවද රජයට විරුද්ධ පුද්ගලයන් දඩයම් කිරීමට එවැනි තොරතුරු භාවිත කරන බවද ප්‍රසිද්ධ කාරණයකි.''
 
මේ වනවිට එක්සත් ජනපදයේ මෙන්ම චීනයේ සමාජ මාධ්‍ය භාවිත කරනවුන් රාජ්‍ය ඔත්තු කාර්යාංශ හරහා ආවේක්ෂණයට ලක්වන බවද රජයට විරුද්ධ පුද්ගලයන් දඩයම් කිරීමට එවැනි තොරතුරු භාවිත කරන බවද ප්‍රසිද්ධ කාරණයකි. 
 
එහෙත් එක්සත් ජනපදය පවසන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවය. 
 
චීනය පවසන්නේ තමන් කොමියුනිස්ට් රාජ්‍යයක් බවය. 
 
මේ රාජ්‍යයන් දෙකම හුදු නාමික ආණ්ඩුකරණයක් පාවිච්චි කරමින් දැඩි මර්දනකාරී රාජ්‍ය ආකාරයන් පවත්වා ගනෙ යන අතර ලංකාව ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී‘ ලේබලය යටතේ දැඩි මර්දනකරී රාජ්‍යයක් බව වසර ගනනාවක රාජපක්ෂ පාලනය තුළ සනාථ විය. 
 
මේ වනවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ පවසන්නේ සමාජ මාධ්‍ය මගින් පුද්ගලයන් දඩයම් කිරීම තමන් සිදුකරන බවය.
 
''මේ වනවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රසිද්ධියේ පවසන්නේ සමාජ මාධ්‍ය මගින් පුද්ගලයන් දඩයම් කිරීම තමන් සිදුකරන බවය.''
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්