ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්, දහ නමයකම  අලි මිනිස් ගැටුම්  
පවතින  බව අනාවරණය වී තිබේ.
 
රජය පවසන්නේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ නමයක් තුළ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වන බවයි.
 
මෙම තත්වය පාලනය කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත වැටවල් සහ විදුලි වැටවල් ඉදි කරන අතර එම වැටවල් සදහා භාවිතයෙන් ඉවතර
කරන ලද රේල් පිලී යොදා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
රජය පවසන පරිදි මේ වන විට විදුලි වැට කිලෝ මීටර 4500 ක් පමණ ඉහත කී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 හි ඉදි කර තිබෙන අතර තවත් කිලෝ මීටර 1500 ක පමණ විදුලි
වැටවල්ද, ආරක්ෂිත වැට සහිත වන අලි රැඳවුම් මධ්‍යස්ථානද ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
 
මෙම වැටවල් ඉදිකිරීම සදහා දැනට දැව කණු යොදා ගනු ලැබුවද වන අලින් විසින් ඒවා නිතර පෙරළා දමන අතර මේ සදහා කොන්ක්‍රීට් කණු යොදා ගැනීමද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අපහසුතා නිසා ප්‍රායෝගික නොවන බව රජය වැඩි දුරටත් සදහන් කරයි.
 
ඒ අනුව, එම කාර්යයන් සදහා විකල්ප විසදුමක් වශයෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි යොදා ගැනීමට යෝජනා වී තිබේ.
 
මෙම වැටවල් ඉදිකිරීම සදහා විකල්ප විසදුමක් වශයෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි යොදා ගැනීමට යෝජනා වී තිබේ.
 
ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොමිලේ ලබා ගැනීම පිනිස, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 
ජනපති උපදෙස :
 
වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් මාසයේදී  නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනි.
 
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි.
 
මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමිවූ අලි ගම් වැදීමෙන් වැඩිම හානිය සිදුවී ඇත්තේ අලින්ටය.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර  වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.
 
මේ වසරේ ගත වූ පළමු  මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මිය ගිය අලි සංඛ්‍යාව 200කි.
 
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්