leader s

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23වැනි කොවිඩ් -19 මරණය අද (03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත්ය.
 
එම කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝග ලක්ෂණ වලින් පෙළී ඇති බව ට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී තිබේ.
 
මරණයට ආසන්නම හේතුව ලෙස පෙනහළු ආසාදනය හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
 
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 23 වන කොවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි
 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්