The Leader News
BREAKING
ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

රජයේ වෛද්‍යවරුන් හෙට සිට යළිත් පැය 48ක වැඩවර්ජනයක්

T

The Leader Desk

April 8, 2026 • 4:32 PM

රජයේ වෛද්‍යවරුන් හෙට සිට යළිත් පැය 48ක වැඩවර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාං‍ශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව සංගමය සඳහන් පැවසීය.
  • ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
  • එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
  • මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර තිබේ.

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාං‍ශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව සංගමය සඳහන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.

මාධ්‍ය නිවේදනයයි

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි

එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම විශ්වාසය මත පදනම්ව ගැටළුවක් සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සහ කරන පසුබිමක, එම විශ්වාසය අමු අමුවේ කඩකරමින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත නොහැකි සහ අතිශය සදාචාර විරෝධී ක්‍රියාවකි.

සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ නොමැති අවස්ථාවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් බැහැර කළ නොහැක.

මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව, හෙට දින එනම් 09.04.2026 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 08සිට ආරම්භ වන පරිදි පැය 48ක දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

මෙම ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුව විසඳීමට හෙට දින උදෑසන 08 දක්වා කාලය ඇති අතර, එසේ නොවන්නේ නම් වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සම්පූර්ණයෙන් භාරගත යුතුය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ වෛද්‍යවරුන් හෙට සිට යළිත් පැය 48ක වැඩවර්ජනයක් | The Leader