වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල (rapid antigen test kits) භාවිතයෙන් කොරෝනා වෛරස අසාදිතයන්
පරීක්‍ෂා කිරීමේ කාර්යය ලබන සතියේ සිට ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබිය දී ඊට එරෙහිව මාධ්‍ය ඔස්සේ මතුව ඇති විරෝධය එම පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කර ඇති 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' (George Steuart Health) පෞද්ගලික සමාගමේ සභාපති දිලි ජයවීර ගේම ප්‍රචාරක මෙහෙයුමක් විය හැකි බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබේ.
 
සන්නිවේදන හා ප්‍රචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස සැලකෙන දිලිත් ජයවීරගේ සමාජ මාධ්‍ය ජාලය හරහා රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල විරෝධතා ප්‍රකාශ හා පොස්ට් මුදල් ගෙවා යළි සමාජ මාධ්‍ය ඔස්සේම ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම එවැනි සැකයක් මතුවීමට හේතුවී ඇත. 
 
ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන දිලිත් ජයවීර ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ පාර්ශවක් විසින් සිදුකරන 
රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල සම්බන්ධ විරෝධය හේතුවෙන් මේවනවිට එම වෛද්‍ය උපකරණ අලෙවිය සඳහා 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගමට පුර්ව ප්‍රචාරයක් නොමිලේම ලැබී ඇතැයි ද ඇතැම් සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන් වේ.
 
Lalitha post
මෙසේ රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් බරපතල දුෂණයක් සිදුව ඇතිබවට චෝදනා නගන්නන් අතර ආණ්ඩුවේ ම ව්‍යාපාරික හා දේශපාලන පාර්ශව පෙරමුණ සිටීම සුවිශේෂී කාරණයකි.
 

එම වීඩියෝවේ විවේචනය සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වා ඇති දිලිත් ජයවීර සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
 
Dilith post
 
 
රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ගෙන්නපු විදිය ප්‍රශ්නකාරියි…
 

Haritha Aluthge Drjpg

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පවසන්නේ, PCR පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ ක්‍රියාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප්‍රශ්නසහගත බවයි. 
 
පෙරේදා (06 ) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
 
වාර්තා වන අන්දමට ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ කට්ටල ගෙන්වා ඇත්නම් එයට අවසර ලබා දුන්නේ කවුදැයි ප්‍රශ්න කළ හෙතෙම ඒ පිළිබඳව කරනු ලබන පරීක්‍ෂා කිරීම්වලදී අදාළ කට්ටල ප්‍රමිතියෙන් තොර බව වාර්තා වුවහොත් මෙලෙස ගෙන්වනු ලැබූ තොගයට සිදුවන්නේ කුමක් දැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.
 
මේ අතර රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසන්නේ, කොවිඞ් ප්‍රතිදේහ ලක්‍ෂණ පිරික්සීමේ ඇන්ටිජන් පරීක්‍ෂණ මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බවයි.
 
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර පැවති සාකච්ඡවකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඇන්ටිජන් නැතහොත් කොවිඞ් 19 වෛරසයට ආවේණික ප්‍රෝටීන් (ඇන්ටිජන්) හඳුනා ගැනීමේ සාම්පල පරීක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය.
 
මේ වන විට ඒ පිළිබඳව රසායනාගාර පරීක්‍ෂණ සිදුකරමින් පවතින බවත් එම වාර්තාව ලැබුණු පසු ‘ඇන්ටිජන්’ ටෙස්ට් කිරීමට බලාපොරොත්තු වන බවත් ලබන සතිය අවසානයේදී මෙය හඳුන්වා දීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරන බවත් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් පැවසීය.
 
 
පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් දැනටමත් ගෙනත් :
 

rapid antigen test kits Lankaමෙම වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ පළමු තොගය පසුගිය 04 වන බදාදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවිය.

 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් රැපිඩ් පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් පසුගිය 04 වන බදාදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවිය.
 
ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල 800,000 කින් සමන්විත මෙහි දෙවන තොගය ළඟදීම මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබේ.
 
කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනාගැනීම සඳහා “රැපිඩ් ප්‍රතිදේහ පරික්ෂාවන්“ දෙකකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා නිවේදනය කළේය.
 
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය ටෙඩිස්රෝස් ඇවිහනොමි ග්‍රේබ්‍රියෙස් මෙසේ සඳහන් කළේය.
 
''පසුගිය සතියේ ප්‍රමිතියෙන් ඉහළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට අනුමැතිය දීම හරහා අපි ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණියා. තවත් වේගවත් පරීක්ෂණ ඉදිරියේදී පැමිණෙයි. අද මට හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා. මිනිත්තු 15ත් 20ත් අතර කාලයකින් මෙම පරීක්ෂණ විශ්වසනීය ප්‍රතිඵල ලබාදෙනවා පැය ගණනකින්. දින ගණන් ගත නොකර ඉතා අඩු පිරිවැයකින් සංකීර්ණ නොමැති උපකරණ හරහා,''
 
 
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීයා සඳහන් කරන පරිදි, රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් යනු කොරොනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයයි. 
 
PCR ක්‍රමවේදය හා සමාන නිරවද්‍යතාවයක් යුතු මෙම අලුත් ක්‍රමයෙන් විනාඩි 15 ඇතුළත කොරෝනා හඳුනාගැනීමටත්, රුපියල් 7000-20000 පමණ වැය වෙන PCR පරීක්ෂණය රුපියල් දහසක ආසන්න මුදලකට සිදු කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසයි.
 
මෙම ක්‍රමය නිෂ්පාදනය කරන සමාගම් දෙකකට (SD BioSensor  සහ Abbott and Bio ) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට මාස දෙකකට ප්‍රථම අනුමැතිය ලබා දී තිබිණ.
 
එම ජාත්‍යන්තර සමාගම් දෙකේ ම දේශීය නියෝජිතයා ලෙස පසුගිය දශකය පුරාම කටයුතු කරන්නේ ව්‍යාපාරික දිලිත් ජයවීරට අයත් 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' (George Steuart Health ) සමාගමයි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනුමත කළාට පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට මෙය ගෙන්වීමට අවසර ලබා දී ඇත. 
 
එය අනුමත කල සැනින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා, පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම විසින් එම රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලංකාවට ගෙන එනු ලැබිය.
 
එම සමාගම සඳහන් කරන පරිදි එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නොවේ.
 
‘ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම සඳහන් කරන පරිදි මෙම රැපිඩ් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නොවේ.
 
කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට තම සමාගම කටයුතු කළ බවත් George Stuart සමාගම පවසයි.
 
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි, මෙම රැපිඩ් පරීක්ෂණ කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නොමැත.
 
 එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නොමැත. 
 
එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදුකිරීමට නියමිත කාර්යයක් බවත්,  දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසිය.
 
 
සබැඳි පුවත් :
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්