වරායේ මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර,
මෙම සතිය තුළ කොළඹ වරාය එහි සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවට සහතික විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, කොරෝනාවෙන් කොළඹ වරායට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවටත් ඒ හේතුවෙන් 'කන බොන දේත් සිමා වන ලකුණු!' පහල වී ඇති බවටත් සති අන්ත පුවත්පත්වල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
නව අභියෝගයක් !
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සමුද්‍රීය කේෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නව අභියෝගයක් වෙත මුහුණු පෑමට සිදුව තිබේ.
එය සමස්ථයක් ලෙස ගෝලීය අර්ථක්‍රමය ම මුහුණ දෙන අභියෝගයකි.
මේ සඳහා වරාය හා සමුද්‍රීය කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ සහ අදාල පාර්ශවයන්ගේ අවංක කැපවීම හා එකමුතු බව උදෙක්ම අපේක්‍ෂා කරමි.
මෙම අධි වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි අභියෝග එල්ල වී තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් බහුතරයක් වූ බහලු නෞකා සහ අනෙකුත් නෞකාවන්ට ලෝකයේ බොහෝ වරායන් වෙත ප්‍රවේශවීමට නොහැකි විය.
මා විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ පණිවිඩයේ සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාව කිසිදු තත්ත්වයක් යටතේ සිය වගකීම් අත් නොහැරී ය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ වරායයන් බහලු නෞකා, මගී නෞකා, තොග කඩන හෙවත් සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම් සහ අනෙකුත් නාවික සේවාවන් අඛණ්ඩව සපයනු ලැබීය.
''අධි වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි අභියෝග එල්ල වී තිබුන ද අපගේ වරායයන් බහලු නෞකා, මගී නෞකා, තොග කඩන හෙවත් සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම් සහ අනෙකුත් නාවික සේවාවන් අඛණ්ඩව සපයනු ලැබීය.''
එහිදී අප විසින් සේවක කාර්ය මණ්ඩල හුවමාරු හා එම ක්‍රියාදාමයන්ට හා ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ත්වය සුරක්‍ෂිත කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලදි.
විශේෂයෙන්ම ගෝලීය සැපයුම් දාමයේ පළමු ගාමක බලවේගය නාවිකයින් බව මැනවින් වටහා ගනිමින් අදාල සියලූ සෞඛ්‍යාරක්‍ෂිත ආරක්‍ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළෙමු.
නිරන්තරයෙන් අපගේ ප්‍රමුඛතාව වන්නේ සියලු දෙනා හැකි තරම් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය.
මෙහෙයුම් ක්‍රියාවලියට යම් තරමක බලපෑමක් !
කොළඹ වරායේ සහ වෙනත් පර්යන්තවල සේවක මහතුන් කිහිප දෙනෙකුට කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ බව ඔබ සෑමදෙනා දන්නා කාරණයකි.
එය කොළඹ වරායේ මෙහෙයුම් ක්‍රියාවලියට යම් තරමින් බලපා ඇත.
නමුත් එවන් වූ කෙටි බාධාවන් කඩිනමින් විසදා ගැනීමට කටයුතු කර ඇති අතර සියලුම වරායන් වල මෙහෙයුම් සහ අනෙකුත් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය.
මෙම වෛරසය ආසාදනය වූ සියලුම සේවක මහතුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.
එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් වහාම හඳුනාගෙන පිළිවෙලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමෝපායන් අනුගමය කරමින් ක්‍රමානුකූල සෞඛ්‍ය ක්‍රියා පටිපාටි සහ නිරෝධායන ක්‍රමවේදයන්ට නිසි ලෙසින් යොමු කොට ඇත.
මේ අතර අහඹු ලෙස තෝරාගත් සේවක මහතුන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සාම්පල පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා අඛණ්ඩව යොමු කරනු ලැබේ.
වරාය පරිශ්‍රයේ කටයුතු කරන සෑම අයවලෙකු ට ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල විය හැකි සියලු පහසුකම් සලසා තිබේ.
කොවිඞ්-19 හේතුවෙන් සියළුම පුද්ගලයන්ට සහ ප්‍රජාවන් වෙත ඇතිවිය හැකි අවධානම කළමණාකරණය හා බලපෑම අවම කිරීම සඳහා නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.
''කොවිඩ්-19 හේතුවෙන් සියළුම පුද්ගලයන්ට සහ ප්‍රජාවන් වෙත ඇතිවිය හැකි අවධානම කළමණාකරණය හා බලපෑම අවම කිරීම සඳහා නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. ''
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සේවක මහතුන්ගෙන් 30% ක් පමණ තවමත් සිය නිවෙස්වල නිරෝධායනයට ලක්කිරීමට සිදු වූ අතර, වරාය පරිශ්‍රයේ බහාලු මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මානව සම්පත් සැපයුම් සමාගම් හරහා අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ තුළින් වරායේ මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, මෙම සතිය තුළ කොළඹ වරාය එහි සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවට අපට සහතික විය හැකි ය.
සබැඳි පුවත් :







