leader s

 කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඔවුන් විසින් මේ වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු කියා සිටියි.
 
වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මේබව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුවේදී පෙරේදා (05) විශේෂ ප්‍රකාශයක්  කරමිනි.
 
තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ 'දිනමිණ' පුවත්පතින් කාටුන් මගින් තමනට පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රබල වී ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
 
ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත් බලයට අභියෝග කරමින් සර්ව බලධාරි ලෙස කටයුතු කරන නිලධාරින් සම්බන්ධයෙන් තමන් වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී විවේචනාත්මකව කතා කිරීම නිසා 'දිනමිණ' පුවත්පතේ කාටුන් එකකින් පවා තමාට පහර ගසා ඇති බවද ඇමතිවරයා පැවසීය. 
 
මහජන බදු මුදල්වලින් පවත්වාගෙන යන මාධ්‍ය ආයතයක්වන 'දිනමිණ' පුවත්පත අදාළ කතාවට ඉඩ ලබා දෙනවා වෙනුවට ජාවාරම්කරුවකු වෙළෙද ඇමතිට පිත්තකින් පහරදෙන ආකාරය සිතුවම් කර ඇති බවද ඇමතිවරයා පැවසීය.
 
WhatsApp Image 2020 12 07 at 7.52.04 AM
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඊට ඉහළින් කව්රු හරි තමන්ට අභිමත පරිදි මේ පාර්ලිමේන්තුව හසුරුවන්නට යනවානම්, ඇමතිවරු හසුරුවන්නට යනවානම්, අමාත්‍යාංශ වල තිබෙන්නට ඕන මොන ආයතනද, ගලවන්නට ඕන මොන ආයතනද යන්න පිළිබඳව තීන්දු කිරීමට යනවනම් එවැනි වූ බලයක් ඇති සර්ව බලධාරින් පිළිබඳව මේ සභාවේදී හෙළිකළ යුතුයි. ඒක මේ පාර්ලිමේන්තුවට තිබෙන අයිතියක්.'' ඒක අපි සිදුකළ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්