කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා
සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.
 
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය ප්‍රධානීන් අතර ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂ එම දැනුම්දීම සිදුකළ  බව අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
 
මෙම හමුවට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි බව අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
 
දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අගමැතිවරයා දැනුවත් කර තිබේ.
 
සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දී ඇති අගමැතිවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ද අවධාරණය කර තිබේ.
 
ඒ සඳහා සහය ලබා දෙන්නැයි අගමැතිවරයා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.
 
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
hjc
 
 
මෘත ශරීර බාර ගන්නේ නැහැ – රවුෆ් හකීම්
 
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් පවසන්නේ, කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ බාර ගැනීම ප්‍රතික්‍ෂෙප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බවයි.
 
ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට බව ද ඔහු කියා සිටියි.
 
කොවිඩ් -19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.
 
''දවස් විස්සක් වයස බිළිදාවත් ආදාහනය කළා. දෙවියන්ගේ නාමයෙන්, මුස්ලිම් ජනතාවගේ භූමදානයට ඇති අයිතිය පිළිගන්න.'' ඔහු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ආයාචනය කර සිටියේ මෙසේය.
 
 
 
ඉකුත් දෙසැම්බර් 08 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් -19 නියුමෝනියාවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ඊයේ (10) කරුණු පැහැදිලි කළේය.
 
“මව ප්‍රකාශ කරලා තියෙනවා මේ දරුවා දවස් එකහමාරක් පමණ නිදිමත ගතියෙන් සිටි බව. ඒ නිදිමත ගතිය ගොඩාක්ම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා. ඒ වගේම මවගේ ප්‍රකාශවලින් කියැවෙනවා මව කිරිදෙන විට මේ දරුවාට කිරි හිරවීමක් සිදුවුවා කියලා. හැබැයි දෙමාපියන් මීට වඩා කලින් මේ දරුවා රෝහල්ගත කරේ නම් මේ දරුවාගේ ජීවිතය සමහරක් වෙලාවට බේරා ගැනීමට හැකියාවක් තිබුණා. 
ඇන්ටිජන් ටෙස්ට් එකෙන් හා පීසීආර් පරීක්ෂණයෙන් යන දෙකෙන්ම තදබල ලෙස මේ දරුවාට කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බව සනාථ වුණා.
 දෙමාපියන් කිසිකෙනෙක් දරුවාගේ මෘත දේහය භාරගැනීමට පැමිණියේ නැහැ. ඊට පස්සේ අපි මෘත ශරීරාගාරයට යැව්වා. දෙමාපියන්ට පොලීසිය මඟින් අපි දැනුම්දුන්නා. ඒත් ඔවුන් පැමිණියේ නෑ දේහය භාරගැනීම සඳහා. අවසානයේ දී සන්ධ්‍යා කාලයේ දී රජයේ වියදමින් ආදාහන කටයුතු කිරීමට සිදුවුණා.“

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්