''නව සමාජ බලවේගයක් වෙනුවෙන් අප ඉදිරියේදී කැපවෙනවා''
 
 ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය. 
 
පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම අද සිදුවිය.
 
 ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය.
 
 

130982595 2842850045996495 5807148738225474947 o

එහිදී අදහස් පළකළ මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
 
‘‘දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ අද වනවිට අලුත් තත්ත්වයන් වලට අප මුහුණ දෙමින් සිටින අතර අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. 
 
එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරු වලින් ඉවත් වීමට කටයුතු කරනවා.
 
අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. 
 
මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. 
 
රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා.
 
''රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා.''
මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.
 
නිදහස් අධ්‍යාපනයෙන් හෝ එසේ නොවන ආකාරයකින් බිහිවූ කුසලතා පූර්ණ නව පරපුරට මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන කුසලතාවාදයට මුල්තැන දෙන විධිමත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම වෙනුවෙන් දැවැන්ත සමාජ බලවේගයක් අප නිර්මාණය කරනවා.  
 
ඒ සඳහා නව සමාජ ව්‍යාපාර ඇතිකර ගැනීම සඳහා අප ඉදිරියේදී කැපවෙනවා. ඒ සඳහා ඔබේ සහයත් අපට අවශ්‍යයි.
 
අප නිර්මාණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවෙයි. අද මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක, සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. 
 
 
''අප නිර්මාණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවෙයි. අද මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක, සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. ''
නමුත් ඒ ගැන අප ඉක්මන් වන්නේ නෑ.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩනගපු ව්‍යාජ ප්‍රතිරූප වන්දනාව කඩාවැටෙනකොට, ඔවුන්ගේ සැබෑ ස්වරූපය පේනකොට අද අපිට පේනවා රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන්වී යන ආකාරය. 
 
මොකද අපි දැනන් හිටියට මේ රට දැනන් හිටියෙ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූ ආකාරය හා එහි පාදමේ සිටි වංචනිකයින් හා දූෂිතයින් ගැන. 
 
අද ඒ පක්ෂයේ පරණ සළුපිලි, සාටක, උඩුවියන් අයින් වෙලා එහි සැබෑ නිරුවත ජනතාවට හෙළිවෙමින් තියෙනවා. එයට නැවතත් සළුපිළි අන්දමින් නැවත ඔවුන් ප්‍රතිසංධානය වෙමින් ඉදිරි ගමන යන්න සූදානම් වෙනවා.
 
මේවන විට බංකොලොත්භාවයට පත්කරවන අපේ රටත්, බිඳ වැටෙමින් යන අපේ ආර්ථිකයත්, දිනෙන් දින වර්ධනය වන දේශපාලන අර්බුදයත්, ගොඩනැගෙමින් පවතින සමාජ අසහනයටත් සෟජුව පිළිතුරු සෙවිය හැකි ප්‍රායෝගිකව ඒවා අපේ රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ජාතිමාමක, දේශමාමක පිරිසක් සහිත සමාජ දේශපාලන බලවේගයක් බිම්මට්ටමේ සිට ඉහළටම ගොඩනැංවිය යුතුයි. 
 
ඒ වෙනුවෙන් අතීතයේ සිට ජාතික ව්‍යාපාරයන් හරහා අපට ලැබුණු අත්දැකීම පන්නරයක් කොටගෙන දිවිහිමියෙන් ක්‍රියාකිරීමට අප සූදානම්.
 
ඒ වෙනුවෙන් අපට බිම් මට්ටමේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. හොඳ ශක්තිමත් රනින් කළ උඩුවියනක් අපට අවශ්‍යයි ඉදිරියට යන්න. 
 
අලෝකමත් ක්‍රියාවලියක්, දැවැන්ත සමාජ ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. එහි විශාල මෙහෙවරක් අපේ රටේ භික්ෂූන් වහන්සේලාට හා තරුණ පිරිසට පැවරෙනවා. 
 
 
''අලෝකමත් ක්‍රියාවලියක්, දැවැන්ත සමාජ ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. එහි විශාල මෙහෙවරක් අපේ රටේ භික්ෂූන් වහන්සේලාට හා තරුණ පිරිසට පැවරෙනවා.'' 
 
ඉදිරි කාලයේදී ඒ සමාජ ව්‍යාපාරය ගොඩනැංවීමට අප ඇපකැප වෙනවා. අපත් සමඟ මෙතෙක් කාලයක් දුකේදී සැපේදී, ජයේදී පරාජයේදී සෑම අවස්ථාවකම එකට සිටී ඔබ හැමදෙනාටම මාගේ ගෞරවණීය ස්තුතියද මේ සමඟ පිරිනමනවා’’
 
අද පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුලුවේදී මේ දක්වා සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණු අතර ඒ වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් නියෝජිත සමුළුවට පැමිණි පක්ෂ සමාජික සාමාජිකාවන්ගේ අනුමැතියට යටත්ව පත්කර ගැණින.
 
පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සිය තනතුරු වලින් ඉල්ලා අස්විය.
 
මේ දක්වා එම ධුරවල කටයුතු කළ පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්විය.
 

Bandula 2020.12.12      පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් හා  බන්දුල චන්ද්‍රසේකර සභාපති හා ලේකම් ලෙසට  

ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැණින.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්