leader s

2021 අය වැය ගම මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා වූ "ගම සමග පිළිසඳර" වැඩ සටහන ජනාධිපති කාර්ය සාධක ප්‍රධානි බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) සිට ඇරඹේ.
අද පෙරවරුවේ මාතරින් ආරම්භ කරන එම සංවර්ධන වැඩ සටහන් මාලාව පලාත් මට්ටමින් මුළු දිවයින ම ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසිය.
 
පලාත්වල සියලු මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන්ගේ සහබාගිත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.
 
හෙට (15) වයබ පළාත ද අනිද්දා (16)  උතුරු මැද ද ඊට පසුදින මධ්‍යම ඇතුළු සියලු පලාත් හි මෙම වැඩසටහන ආරම්බ වේ.
 
2021 අයවැය මගින් මුලු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දරිද්‍රතාවය  තුරන්කොට රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රධාන අරමුණ බව බැසිල් රාජපක්ෂ පවසයි.
 
 

WhatsApp Image 2020 12 14 at 10.22.38 AM

 
මෙම වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් පළකර ඇත.rajith keerthi tennakoon
 
 
''රුහුණු විශ්වවිද්‍යාලයේ තාගෝර් ශාලාවෙන් අද බැසිල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන වගයි.'' - හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකොන්
 
හදිසි පළාත් සභා මැතිවරණයක් !
 
කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මෙසේ පළාත් මට්ටමින් කඩිමුඩියේ වැඩ ආරම්භකර ඇත්තේ, පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් බවයි.
 
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් අද (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පවසයි.
 
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.
 
මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින් පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසයි.
 
ඒ අනුව අද අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්