leader s

 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍ය අනුග්‍රහ ලත් කුමන්ත්‍රණයක් දැයි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ
පැවති විරෝධතාවකදී ප්‍රශ්න කරනු ලැබිණි.
 
බලහත්කාර ආදාහනයට එරෙහිව මුස්ලිම් ඩයස්පෝරාව විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවට දැඩි සීතල නොතකා පැමිණි උද්ඝෝෂකයෝ සිංහල, දෙමළ හා ඉංග්‍රීසියෙන් ලියවුනු සටන් පාඨ පුවරු ඔසොවා ගෙන සිටියහ.
 
සිංහලෙන් උද්ඝෝෂකයන් ඇමතූ නීතිවේදිනී සරීනා අබ්දුල් අසීස් ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍ය ආයතනද දැඩි විවේචනයට ලක් කළාය.
 
“එදා සුළු ජන කොටසකගේ භාෂාව උදාසීන කිරීම මගින් දශක ගණනක ප්‍රතිවිපාක විඳපු ජාතියක් වශයෙන් එම වරද නැවත කරන්නට හිතන්නේ ඇයි,” දැයි ඇය මහ කොමසාරිස් කාර්යාලය අබියස සිටිමින් විමසා සිටියාය.
 
ක්‍රිස්තු භක්තිකයන්ටද වේදනාකාරී වන බලහත්කාර ආදාහනය නතර කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මැදිහත් නොවීම ගැනද විරෝධතා සභාවේදී කනගාටුව පලවිය.
 
ක්‍රිස්තු භක්තිකයන්ටද වේදනාකාරී වන බලහත්කාර ආදාහනය නතර කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මැදිහත් නොවීම ගැනද විරෝධතා සභාවේදී කනගාටුව පලවිය.
 
“මැල්කම් රන්ජිත්  පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට යුක්තිය ඉල්ලා සිටිනවා. මියගිය කාතොලිකයන් වෙනුවෙන් එසේ යුක්තිය ඉල්ලා සිටීම සාධාරණයි. එත් අද ඉස්ලාමීය ජනතාව ගේ දේහයන් පුළුස්සනකොට උන්වහන්සේගේ හඬ නොනැගුනේ ඇයි? ඉන්නාවූ පුජක තුමන්ලා මේ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි කියා කතෝලික ජනතාව ප්‍රශ්න කරනවා.” යි සෙබස්තියන් ජෝසප් පියතුමා ප්‍රකාශ කර සිටියේය. 
 
ලොව පුරා පැතිර යන වසංගතය ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු පිළිස්සීමට යොදා ගැනීමට විරුද්ධව  බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය මෙන්ම ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය ඇතුළු රටවලින්ද සහයෝගිතා පණිවිඩ ලැබී තිබුණු බව විරෝධතා සංවිධායක මොහොමඩ් ඉස්මයිල් මව්ලවිවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

SLM 2020.12

 

                                                

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්