leader s

 කොවිඩ් නයිනටින් අසාදනයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ මෘත දේහයන් භූමදානය අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් බවත්, ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවත් අධිකරණ
අමාත්‍ය අලි සබ්රී අනතුරු අඟවා සිටියි.
 
මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ අමාත්‍යවරයා  ප්‍රශ්න කරයි.
 
වෛරස් සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම මහාචාර්යවරයෙකු මලිත් පීරිස් පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.
 
ඔහු එම කාරණා සඳහන් කර ඇත්තේ, 'Hari Tv' අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමිනි.
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්