leader s

 කොරෝනා වසංගතයට ගොදුරු වී ජීවිතය අහිමි වී යාමට අමතරව මවුබිමේ මිහිදන් වීමේ උරුමයද අහිමි කොට  සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් දියත් වන විරෝධතා මාලාවට ඉතාලියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවද
එක්වී සිටී.
 
බලහත්කාරයෙන් මළසිරුරු පිලිස්සීමට එරෙහිව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය අසල විරෝධතාවක් පවත්වමින් සන්දේශයක් බාරදුන් එරට ශ්‍රී ලාංකිකයන් එමගින් ජනාධිපතිවරයාට සිහිපත් කර දුන්නේ අනිසි ලෙස තම මවුබිමට ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීමට රජයේ ප්‍රතිපත්තිය මග පාදා ඇති බවයි.
 
“කෝවිඩ් පීඩිතයන් වල දැමීම ආරක්‍ෂිත මෙන්ම ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර වලට කිසිදු අනිටු බලපෑමක් ඇති නොකරන බව ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ වලත් කීර්තිධර වයිරස් හා වසංගත විශේෂඥයන් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මේ හානිකර වර්ධනය නිසා අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව වැරදි හේතුවක් නිසා  නැවත වතාවක් ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගනිමින් සිටී.”
 
වසංගතයට බිලිවන පුද්ගලයන් භූමදානය හෝ ආදාහනය කිරීම අනුමත කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දී ඇති නිර්දේශ නොතකා මියයන සියල්ලන්ගේම සිරුරු බලහත්කාරයෙන් පිළිස්සීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම්වරුන්ගේ පමණක් නොව ක්‍රිස්තියානි භක්තිකයන්ගේද  මහත් සන්තාපයට හේතුවී ඇති බව ඉතාලිවාසී ශ්‍රී ලාංකිකයන්ගේ එකතුව මිලාන් නුවර කොන්සල් ජනරාල් කාර්යාලය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.
 
විරෝධතා කරුවන් ඇමතූ සියලුම ක්‍රියාධාරීන් අවධාරණය කළේ රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තිය මුලික මානව හිමිකම් උල්ලංඝනයක් බවයි.
 
 IMG 20201222 WA0053
 
 
කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර එම ක්‍රියාමාර්ගය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලන අරමුණකින් සිදු කෙරෙන්නක් බවට චෝදනා කළ අමීන් අලියාර් සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටීම සියලු ජාතීන්ගේ වගකීමක් බව අවධාරණය කළේ එසේ නොවෙතොත් මර්දනය සියල්ලන් කර එන බවට අනතුරු අඟවමිනි.
 
කතෝලික භක්තික ලෙස්ලි ලෝ කියා සිටියේ භූමදානයේ අයිතිය ශ්‍රී ලංකාවේ රජය විසින් ලබා නොදෙන්නේ නම්, එම තහංචිය ඉවත් කරවා ගැනීමට තවත් දැඩි ක්‍රියාමාර්ග වලට යාමට පසුබට නොවන බවයි.
 
ශ්‍රී ලාංකික සහ ඉතාලි ජාතික කොඩි රැගත් විරෝධතා කරුවෝ “අපි හැමෝම ලාංකිකයෝ - අපේ අයිතිය අපිට දෙන්න” යනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි බසින් හඬ නැගුහ.
 
රියාස් සවාහිර්, අමීනා සෆ්වාන්, තිලක් නෝනිස් සහ රිස්වි සැකරියා ද විරෝධතා සභාව ඇමතූහ.
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්