leader s

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට හා ලක් සතොස ආයතනයට ලබන සඳුදා සිට අලුත් සභාපතිවරුන් දෙදෙනෙකු
පත්කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
ඒ අනුව සතොස ආයතනයේ සභාපති ලෙස බන්ධනාගාර මුලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ නීතිඥ වෙනුර ගුණවර්ධන ද, ලක් සතොස සභාපති ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ද පත්කිරීමට නියමිතය. 
 
මොවුන් දෙදෙනා අලුතින් පත්කිරීමට තීන්දු කර ඇත්තේ එම රාජ්‍ය ආයතන දෙකෙහි ම සභාපති ලෙස කටයුතු කළ නුෂාඞ් පෙරේරා වෙනුවටය.
 
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සභාපති නුෂාඞ් පෙරේරා මේවනවිට එම ධුරයෙන් ඉවත් කර ඇත.
 
ඊට හේතු වී ඇත්තේ සතොසෙන් රජය බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට එම ආයතනය අපොහොසත් වීම බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර ලක් සතොස සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්වන ලෙස ඒ නුෂාඞ් පෙරේරාට දැනුම් දී ඇති බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
 
සතොස ආයතනයේ වැඩ බැලීමට අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මේවනවිට පත්කර ඇත. 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්