leader s

සෑම  අමාත්‍යංශයක් තුළම අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපිතකර ඒ සඳහා
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ඇතැම් අමාත්‍යංශ හරහා සිදුකිරීමට අපේක්ෂා කළ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම හා පලදායි ලෙස ක්‍රියාත්මක නොවීම මෙවැනි තීරණයක් ගැනීමට හේතුව බව පැවසේ.
 
ඒ අනුව මිට අදාල කැබිනට් සන්දේශයක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුයේ එවැනි තීරණයක් ගැන තමන් නොදැනුවත් බවයි.
 
කෙසේවුවද ඇතැම් අමාත්‍යංශ වල නිලධාරීන්ගේ දුර්වලතා හා නොසැලකිලිමත්භාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි කනස්සල්ලකින් පසුවන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
ජනාධිපතිවරයා විසින් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර හා පෞද්ගලික අංශයේ සාර්ථක විධායක නිලධාරියකු වූ ඩයන් ගෝමස් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබුවේ රාජ්‍ය සේවයද පෞද්ගලික අංශය මෙන් කාර්යක්ෂම කිරීම සඳහා බව පැවසේ.
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්