මෙම වසර තුළදී ශ්‍රේණිගත කිරීම්වලින් ඒකක දෙකක් එකවර පහත වැටීම නිසා (Downgrade) ජාත්‍යන්තර වශයෙන් බරපතල අර්බුදයකට මුහුණදෙමින් සිටින ලංකා බැංකුවට ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයකු සමග
කළ ගනුදෙනුවක් නිසා ඉදිරියේ දී සිගරට් අලෙවි කිරීමේ වෙළඳාමට බැසීමට සිදුව ඇතැයි වාර්තාවේ.
 
 
ඒ, අයවැය ආසන්නයේ දී ආණ්ඩුවට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයකු සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 215 ක ණය මුදලක් පියවා ගැනීම සඳහාය. 
 
 
අදාල කෝටිපති ව්‍යාපාරිකයා රාජ්‍ය සමාගමක සභාපතිවරයකු ද වන අතර ඔහු එම ණය මුදල ලබාගෙන ඇත්තේ, සිගරට් තොග ලංකා බැංකුවට ඇපකරයට තබමින් Pleader ණයක් ලෙසිනි. ඒ අනුව මේවනවිට එම සිගරට් තොග වෙනම ගබඩාකර බැංකුවේ සහ අදාල සමාගම බාරයේ පවතී.
 
Pleader ණයක් සම්මත ණය මුදලකට වඩා වෙනස් වන අතර, ණයට ගත් මුදල ණය ගැතියාගේ ඇපකරය සමඟ සම්පුර්ණයෙන්ම සහාය වේ. ණයක් ලබා ගැනීම සඳහා ණය ගැතියෙකුට ඔවුන්ගේ අරමුදල්, ඉතිරිකිරීමේ ගිණුමක් වැනි ඇපයක් ලෙස භාවිතා කළ හැකිය. ඇපකරයක් ලෙස භාවිතා කරන අරමුදල් පසුව ණය සම්පූර්ණයෙන් ආපසු ගෙවන තෙක්  බැංකුව බාරයට පත්වේ.
 
 
 
''මේ ණය මගින් ලංකා බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇති ලාභය රුපියල් මිලියන 85 කි.''
 
මහනුවරදී රහස් කතා !
 
 
 
එවැනි තත්වයක් තුළ අයවැයේදී සිගරට් මිළ වැඩි නොකිරීම නිසා බලවත් අසීරුතාවකට පත්ව සිටින මෙම ව්‍යාපාරිකයා, මහනුවර ප්‍රදේශයේ ඇමැතිවරයකුගේ නිවසේදී පසුගියදා රජයේ ඉහලම බලධාරියකු හමුවී (අගමැති නොවේ) තමා විසින් මිළදී ගත් සිගරට් තොග යළි ලබාගෙන මුදල් දෙන්නැයි 'ටුබැකෝ' සමාගමේ බලධාරීන්ට නියෝග කරන්නැයි අයැද තිබේ.
 
අනුරාධපුරයේ සිට උතුරු පළාත දක්වා සිගරට් බෙදාහැරීම සිදුකරන්න මෙම  ව්‍යාපාරිකයා පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී කෝටි සියකට වැඩි මුදලක් 'පොහොට්ටුවේ' ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලබාදුන් අයෙකු ලෙස සැලකේ.   
 
සිද්ධියට අදාල ගනුදෙනුව 'නෙත්' නාලිකාව විසින් අනාවරණය කර ඇත්තේ, අගමැතිවරයාගේ නම විකුණමින් කෝටි 215 ක ණයක් ගත් සභාපතිවරයෙකු ගැන තොරතුරු හෙළිවේ.'' යන සිරස්තයෙන් යුතුවය.
 
 
 
Screen Shot 2020 12 31 at 12.08.39 PM
 
එම පුවත් වාර්තාවේ මෙසේ සඳහන් වේ.
 
 
''අගමැති  මහින්ද රාජපක්ෂ මහතාගේ නම අවභාවිත කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණය මුදලක් ලබාගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රකට බස් ව්‍යාපාරිකයෙකු වනවා.
 
මෙම පුද්ගලයා අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් අදාළ රාජ්‍ය බැංකුව ද රවටමින් මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 
 
ඔහු මෙම ණය ලබාගෙන ඇත්තේ දකුණු පළාතේ පිහිටි එම බැංකුවේ ශාඛාවකින් වන අතර බැංකුවෙන් ලබාගත හැකි විශාලතම ණය මුදල වන්නේ ද එම මුදලයි. 
 
මෙම ව්‍යාපාරිකයා අදාළ ණය මුදල උපයෝගී කරගනිමින් දුම්වැටි විශාල තොගයක් මිලදී ගෙන ඇති අතර අයවැයෙන් පසු එම දුම්වැටි අලෙවි කර රුපියල් බිලියන ගණනක ලාභයක් ඉපැයීම අරමුණ කරගෙන සිට ඇති බවට ද හෙළිවී තිබෙනවා. 
 
 
 
''මෙම ව්‍යාපාරිකයා අදාළ ණය මුදල උපයෝගී කරගනිමින් දුම්වැටි විශාල තොගයක් මිලදී ගෙන ඇති අතර අයවැයෙන් පසු එම දුම්වැටි අලෙවි කර රුපියල් බිලියන ගණනක ලාභයක් ඉපැයීම අරමුණ කරගෙන සිට ඇති බවට ද හෙළිවී තිබෙනවා. '' - නෙත් 
''අයවැයෙන් දුම්වැටි මිල වැඩිකරන ලෙස අගමැති ගෙන් ඉල්ලලා''
 
 
 
ඔහුගේ සැලසුමට අනුව අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා මුණගැසී මෙම ව්‍යාපාරිකයා දිගින් දිගටම අයවැයෙන් දුම්වැටි මිල වැඩිකරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙම වංචාව අනාවරණ වීමත් සමග අදාළ පුද්ගලයා අරලියගහ මන්දිරයට, විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට හෝ කාල්ටන් නිවසට ඇතුළත් කර නොගන්නා ලෙස ආරක්ෂක බලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්. 
 
එමෙන්ම ඔහු මේවනවිට දරණ රාජ්‍ය ආයතනයේ සභාපතිධූරයෙන් ද ඉවත් වන ලෙසට උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.  ''         
 
(උපුටා ගැනීම අවසන්)
 
 
 
සිද්ධියට අදාල පසුබිම් කතාව මෙසේය. 
 
''අයවැයේ දී වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 215ක ණයක් ලංකා බැංකුව අනුමත කර තිබු බව 'අනිද්දා' ජාතික පුවත්පත වාර්තා කර තිබිණ.''
 
 අයවැයේ දී වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 215ක ණයක් ලංකා බැංකුව අනුමත කර තිබු බව 'අනිද්දා' ජාතික පුවත්පත මිට ඉහතදී වාර්තා කර තිබිණ.
 
එම පුවත්පත් වාර්තාවට අනුව, අදාල සමාගම මෙම ණය ඉල්ලීම් කිරීම මාතර කටුවන ශාඛාවෙන් සිදුකර ඇති අතර එම ණය ඉල්ලීම ලංකා බැංකුවේ ණය අනුමත කරන කමිටුව සැප්තැම්බර් 9 වනදා අනුමත කර තිබේ.
 
 දකුණු පළාතේ ලංකා බැංකු ශාඛාවක් ලබා දෙන විශාල ම ණය වශයෙන් එය ඊට සම්බන්ධ බැංකු ණය ලියකියවිලිවල දැක්වේ.
 
 මෙම ණය ලබා දීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික ඇප සලකා බලා ඇත.
 
එම ණය ඉල්ලීමේ සඳහන් වන්නේ අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි.
 
 බැංකුවේ එම ඉල්ලීමට අනුමැතිය දෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව බව ණය ලියවිලි අනුව පෙනේ.
 
මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින් සිගරට් 10,000 කින් යුත් ගෝල්ඩ් ලීෆ් සිගරට් පෙට්ටි 5000 ක් ද ඩන්හිල් පෙට්ටි 160ක් ද මිලදී ගැනීමට අදහස් කර ඇත.
 
 එමගින් ඉපයීම්ට අදහස් කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 කි.
 
 
මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින් සිගරට් 10,000 කින් යුත් ගෝල්ඩ් ලීෆ් සිගරට් පෙට්ටි 5000 ක් ද ඩන්හිල් පෙට්ටි 160ක් ද මිලදී ගැනීමට අදහස් කර ඇත. එමගින් ඉපයීම්ට අදහස් කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 කි.
 
 මේ ණය මගින් බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇති ලාභය රුපියල් මිලියන 85 කි.
 
කෙසේවුවද මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පසුගියදා ඉදිරිපත්කළ අයවැයේදී සිගරට් මිල වැඩි නොකිරීම නිසා අදාල ව්‍යාපාරිකයා බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තාවේ. 
 
 
''රාජපක්ෂලා ලංකා බැංකුව බිදිනවා.'' -දුෂණ විරෝධී සංවිධානය
 
 
මේ අතර දුෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මෙසේ තොරතුරු අනාවරණය කළේය.
 
 

 
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්