කෝවිඩ් නයින්ටීන් අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම කෝවිඩ් ව්‍යාප්තවීම කෙරෙහි බලපෑමක් නැතිබව ප්‍රකාශකරන සෞඛ්‍ය විශේෂඥයින්ට එරෙහිව මේවනවිට සමාජ මාධ්‍ය
ඔස්සේ අවලාද හා අපහාස මෙහෙයුමක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් තිබේ.
එහිදී ප්‍රධානම ඉලක්කය බවට පත්ව ඇත්තේ, කොරෝනා ආසාදනය වූ මළ සිරුරු ශ්‍රී ලංකාව තුළ භූමදානය ට ඉඩ දෙනවා ද යන කාරණය සොයා බැලීම පිණිස පත් කරන ලද නව කමිටුව හා එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය යි.
කමිටුවේ සංයුතිය පිළිබඳ ප්‍රශ්න කරන ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා
born again ක්‍රිස්තියානි කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් බවත්, ඇය කොළඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රිස්තියානි සංගම් කිහිපයකම ප්‍රධානත්වය දරන අතර බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමිකයන්ට විරුද්ධව කටයුතු කරන තැනැත්තියක් බවත් ප්‍රකාශ කරමින් වාර්තා පළකර තිබේ.
තවද මෙසේ පත් කරන ලද නව කමිටුවේ දෙදෙනෙකු හැර සියලු දෙනා උග්‍ර ගෝඨාභය විරෝධීන් බවත්, පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම පිණිස ප්‍රසිද්ධියේ වැඩ කළ අය බවත් පවසන Lanka Lead News වෙබ් අඩවිය, එවැනි කණ්ඩායමක් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ මෙවන් කමිටුවකට පත් කිරීම කුමන්ත්‍රණයක් බවට තොරතුරු පළ වෙමින් තිබෙන බවත් කියා සිටියි.

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුව පසුගියදා නිර්දේශ කර තිබිණ.
අනිල් ජාසිංහ බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක් ලු !- මහාචාර්ය නලින් කියයි
මේ අතර හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය විශේෂඥ අනිල් ජාසිංහ ඉලක්ක කර ගනිමින් ද අවලාද මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පෙනේ. එහි පෙරමුණ ගෙන සිටින්නේ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ය.
වෛද්‍ය විශේෂඥ අනිල් ජාසිංහ 'ධම්මික පැණිය' සම්බන්ධයෙන් මතුකර තිබු සැකය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති මහාචාර්ය නලින් ද සිල්වා, 'අනිල් ජාසිංහ බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක් බවත්, අධිපති මතවාදයෙ නියෝජිතයෙක් බවටත් චෝදනා කර තිබේ.

මේ අතර වෛද්‍ය විශේෂඥ අනිල් ජාසිංහ සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශකර ඇත්තේ, කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගෙන් මෘත දේහයන් ආදාහනය කළ යුතු බවට තමා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ, කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ දී පැවැති තත්ත්වය අනුව කිසිම අවදානමක් නොගත යුතු බවට වන පදනමේ සිටිමින් බවයි.
නිකුත් කරන ලද මුල් ගැසට්ටුව මේ මොහොතේ ද බලාත්මක නමුත් මාස හයකින් පසුව එළඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එම තීන්දුව සංශෝධනය කළ හැකි බව එම ගැසට් නිවේදනයේම සඳහන් වී ඇතැයි ද ඔහු සඳහන් කර සිටියි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම සංශෝධන සිදු කළ හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට අනවශ්‍ය බවත් ඔහු තවදුරටත් සඳහන් කර ඇත.
'අවුල හැදුවේ ආණ්ඩුව, සෞඛ්‍ය අංශ කියනවා නම් භූමදානයට ඉඩදෙන්න'– මැදගොඩ අභයතිස්ස හිමි
මේ අතර දැඩි ගෝඨාභයවාදියකු ලෙස සැලකෙන මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසන්නේ,
කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය අවුල් කර සමාජ ප්‍රශ්නයක් බවට පත්කළේ රජය විසින් බවයි.
ඒ සම්බන්ධ තීරණය කිසිදු අන්තවාදි බලවේගයකට යටත් නොවී සෞඛ්‍ය අංශ ගතයුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“කොරෝනා වෛරසය තාම අපි හඳුනගෙන අවසාන නෑ. කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ විද්‍යාඥයින්ටත් තාම හරියට අවබෝධයක් නෑ. මේක තාම ලෝකයට අලුත්. ඒ නිසා මේ පිළිබඳව ගතයුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් වෙච්ච තීරණ නෙමෙයි.
නමුත් කොරෝනා දේහ භූමදානයෙන් හානියක් වන්නේ නැතැයි සෞඛ්‍ය අංශ පවසන්නේ නම් අනෙක් අයගේ ආගමික අයිතීන් පිළිබඳ කල්පනා කර බලා ඒ සඳහා අවසර දෙන්න අපි කැමැතියි. එහි දී සෞඛ්‍ය අංශ හරි තීන්දුවක් ගතයුතුයි.” උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.
සබැඳි පුවත් :






