දෙමළ ජනසංහාරයට අදාලව කැනඩාවේ පළාත් ආණ්ඩුවක විවාදයට ගෙන ඇති පනත් කෙටුම්පතක් පරාජය කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සටන්කාමී ලෙස සිංහලෙන් ඉල්ලා සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ඒ
ගැනම ඉංග්‍රීසියෙන් කතාකළේ සාකච්ඡාවට එන ලෙස කැනඩා බලධාරීන්ට බැගෑපත් ලෙස ආරාධනය කරමිනි.  
 
දෙමළ වර්ග සංහාරය අධ්‍යයනය සඳහා සතියක් ප්‍රකාශයට පත් කිරීම අරමුණු කොටගෙන ඔන්ටාරියෝ ප්‍රාන්ත සභාවේ විවාදයට ගෙන ඇති කෙටුම්පතක් ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් විසින් හෙලා දකිනු ලැබුවේ “අපගේ ජාතික සංහිඳියාවට හා ජාතික සමගියට එරෙහිවත්, ජාත්‍යන්තරව සිදුවන ක්‍රියාමාර්ගයක්”  ලෙසිනි.
 
කැනඩාව ශ්‍රී ලංකාවෙන් පිටත විශාලතම දෙමළ ඩයස්පෝරාව ජීවත්වන බවට එරට හිටපු ද්විත්ව පුරවැසියකු වන ආචාර්ය රාඝවන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දැනුවත් කළේය.
 
“දෙමළ ඩයස්පෝරා අනුග්‍රහයෙන් මාතෘභූමියට එරෙහිව සිදුවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ” පෙන්වා සිය සිංහල බෞද්ධ අනුගාමිකයන් බියවැද්දීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ප්‍රසිද්ධියක් උසුලයි.
 
 
 
“දෙමළ ඩයස්පෝරා අනුග්‍රහයෙන් මාතෘභූමියට එරෙහිව සිදුවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ” පෙන්වා සිය සිංහල බෞද්ධ අනුගාමිකයන් බියවැද්දීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ප්‍රසිද්ධියක් උසුලයි.
දෙමළ වර්ග සංහාර සතිය සඳහා වන පනත ඔන්ටාරියෝ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇත්තේ විජේ තනිගාසලම් දෙමළ මන්ත්‍රී වරයායි.
 
සෑම මැයි මාසයකම 18 දායින් අවසාන වන සතියක කාලය දෙමළ වර්ග සංහාරක සතිය ලෙස නම් කර දෙමළ ජනඝාතනය ඇතුළු වෙනත් ජනසංහාර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පනතේ අරමුනයි.
 
“මෙම පනත අපි පරාජය කළ යුතුය. මෙම පනත අපේ මවුබිමේ ආරක්ෂාව හා අනාගතයට සෘජුවම බලපාන නිසා මෙහිදී මා කතා කළ යුතුවම ඇත,” යි රාඝවන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අනතුරු අඟවා සිටියේය.  
 
කෙසේවෙතත්, කතාවේ ඉතිරි කොටස ඉංග්‍රීසියෙන් කරගෙන යද්දී සටන්කාමී බවට පරස්පරව ඔහුගේ වදන් වැලේ තිබුනේ කැනඩා රජය සමග සම්මුති ගත වීමට කරන ආයාචනයකි.
 
කෙසේවෙතත්, කතාවේ ඉතිරි කොටස ඉංග්‍රීසියෙන් කරගෙන යද්දී සටන්කාමී බවට පරස්පරව ඔහුගේ වදන් වැලේ තිබුනේ කැනඩා රජය සමග සම්මුති ගත වීමට කරන ආයාචනයකි.
 
“අපට වාඩි වී, සාකච්ඡා කොට මේ අතිශයින් සංවේදී  වූ ද, හැඟීම් අවුස්සන්නාවූ ද විෂය ගැන අදහස් හුවමාරු කර ගැනීම සඳහා ලංකා-කැනඩා පාර්ලිමේන්තු කණ්ඩායමක් සංවිධානය කරන ලෙස මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නෙමි,” යි ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය.
 
“ඔටාවා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දේශකයකු හැටියට කටයුතු කර ලබා ගත් දැනුම” මෙම විෂය සම්බන්ධයෙන් අදහස් පල කිරීම සඳහා වන තම සුදුසුකම ලෙස කතාව ආරම්භයේදී සභාවට දැනුම් දුන් ආචාර්ය රාඝවන් තම කෝපයට හේතුවූ පනත සම්මත වීමට ඉඩ නොදෙන ලෙස කැනඩා නායකත්වයට ආයාචනය කරද්දී අගමැති ලෙස නම් කළේ ස්ටීවන් හාපර් ය.
 
කැනඩාවේ වර්තමාන අගමැති ස්ටීවන් හාපර් නොව 2015 දී ඔහුගෙන් පසු බලයට පත් ජස්ටින් ටෘඩෝය.
 
ඈත එපිට කැනඩාවේ පනතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලින් පරදවන්නේ කෙසේදැයි ආචාර්ය සුරේන් රාඝවන් ජාතික ලැයිස්තු මන්ත්‍රී පැහැදිලි කළේ නැත. 
 
 
 
 
 
 
###################
 
The Leader TV පුවත් විකාශය 
 
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්